‘වැලිකතරේ සිංහයාට’ අවුරුදු 27යි

330

ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර් ප්‍රහාරක ජෙට් යානා බළඝනය 2023 ජනවාරි 05 වැනිදා (අද) සිය 27 වැනි සංවත්සරය ඉතා අභිමානවත්ව සමරනු ලබයි. ‘වැලි කතරේ සිංහයා’ නමින් විරුදාවලිය ලත් කෆීර් ප්‍රහාරක ජෙට් යානාවන්ගෙන් සමන්විත මෙම බළඝනය 1996 වසරේ ජනවාරි මස 05 වැනිදා ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් ප්‍රහාරක ජෙට් යානාවන් 06 කින් සහ වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ද ඇතුළුව ගුවන් නියමුවන් 04 දෙනකුගෙන් ද ඉංජිනේරු නිලධාරීන් 04 දෙනකු හා කාර්මික ශිල්පීන් 70 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් ආරම්භ කරන ලදී.

මෙම බළඝනය සඳහා 2000 වර්ෂයේ දී කෆීර් ප්‍රහාරක ජෙට් යානාවන් 09ක් අලුතින් එකතුවීමත් සමග බළඝනය තවත් ශක්තිමත් වූ අතර වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මෙම බළඝනයේ ගුවන් නියමුවකු, ගුවන් නියමු උපදේශකයකු මෙන්ම අණදෙන නිලධාරිවරයා වශයෙන් ද කටයුතු කොට ඇත. මාතෘභූමියේ ඒකීයභාවය සුරක්‍ෂිත කරලනු වස් සිය වගකීම් සහගත යුතුකම ඉටුකරලීම උදෙසා වර්ෂ ගණනාවක් මුළුල්ලේ අතිශයින්ම වැදගත් වූ ප්‍රහාරක මෙහෙයුම් රාශියක් සිදුකිරීමට සක්‍රීය දායකත්වය ලබාදීම වෙනුවෙන් ඒ මහතා වර්ෂ 2009 මාර්තු මස 08 වැනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අංක 10 කෆීර් ප්‍රහාරක ජෙට් යානා බළඝනය වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය කරන ලදී.

මෙම බළඝනය ආරම්භ වූ 1996 වසරේ සිටම මාතෘභූමියෙන් ත්‍රස්තවාදය තුරන්කරලීම උදෙසා සහෝදර හමුදාවන්ගේ චිත්ත ධෛර්යය වඩවමින් යුද භූමියේ මහඟු කාර්යභාරයක් ඉටුකරන ලද බළඝනයක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment