‘විජය ගී තරුව’ 2023 අයැදුම්පත් කැඳවයි

113

දිවංගත මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන්ගේ 35 වන ගුණ සමරුව නිමිත්තෙන් එළඹෙන 2023 පෙබරවාරි මස 16 වන දින සිට පැවැත්වෙන විජය කුමාරතුංග අනුස්මරණ සමරු සතියේදී “විජය ගී තරුව” නව වන අදියර තරගය සහ සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. විජය කුමාරතුංගයන්ගේ ජන්මදින සමරුව යෙදෙන ලබන 2022 ඔක්තෝබර් 09 වන දින මෙම තරගයේ පළමුවන වටය ආරම්භ කෙරේ. ප්‍රවීණ විනිශ්චය මණඩලයක් ඉදිරියේ තරගය වට තුනකින් සමන්විත වේ. අවසාන මහා තරගය සහ සම්මාන උළෙල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පැවැත්වේ.

විජය කුමාරතුංගයන් ගැයූ ගී ජනගත කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගයට වයස් සීමාවකින් තොරව ස්ත්‍රී / පුරුෂ දොපර්ශ්වයටම ඉදිරිපත් විය හැක. මේ සඳහා ඉදිරිත් වීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් ඔබ අතින් ලියන ලද අයදුම්පත්‍රයක් කැඳවුම්කරු, සුමනසිරි කත්‍රිආරච්චි, “විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනම” 60/1/ක්‍ කැන්දලියද්දපාළුව, ගනේමුල්ල. ලිපිනයට 20 වන දිනට පෙර මුද්දර ගැසූ ලියුම්කවරයක් සමග යොමු කළ යුතු වේ.

තරගයේ පළමු වටය 2022 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා උදෑසන 7.30ට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ (බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට) සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශී ශාලාව) ගාමිණි ෆොන්සේකා අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ. වැඩි විස්තර 0723440220 0783126667 වෙතින් විමසිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment