විසිතුනෙන් පහළ පැසි පන්දු පුහුණුව තරිඳුට භාර දෙයි

268

වයස අවුරුදු 23 න් පහළ පැසි පන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා තරිඳු ප‍්‍රනාන්දු මහතා පත්කර ඇත.

ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ප‍්‍රධාන පැසිපන්දු පුහුණුකරු වන තරිඳු ප‍්‍රනාන්දු මහතාගේ නව තනතුර සඳහා කී‍්‍රඩා අමාත්‍යාංශයේ හා ශී‍්‍ර ලංකා පැසිපන්දු සම්මේලනයේ අනුමැතිය ලැබී ඇත.

වයස අවුරුදු 23 න් පහළ පැසිපන්දු ලෝක කුසලාන තරගාවලිය මෙවර මොන්ගෝලියාවේදී පැවැත්වීමට නියමිතය. පැසිපන්දු කී‍්‍රඩාව වෙනුවෙන් නව තාක්‍ෂණ ශිල්ප ක‍්‍රම යොදා ගත් තරිඳුගේ පුහුණුකාරිත්වය යටතේ ගේට්වේ ජාත්‍යන්තර පාසල ජයග‍්‍රහණ රාශියක් ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment