ශ්‍රී ලංකාවට එන චීන නැව ගැන ඇමරිකාව කනස්සල්ලෙන්

311

ලබන ඔක්තෝබර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත චීන පර්යේෂණ යාත්‍රාව ගැන ඇමරිකාව කනස්සල්ල පළකර තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උප ලේකම් වික්ටෝරියා නුලන්ස් මහත්මිය මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමග පැවැති සාකච්ඡාවේදී මේ කරුණු අනාවරණය කර ඇත. ෂියාන් 6 පර්යේෂණ යාත්‍රාව ලංකාවට පැමිණෙන්නේ නාරා ආයතනය හා එක්ව සමුද්‍ර ගවේෂණයන් සඳහාය.

මෙම චීන නෞකාවේ ලංකා ගමන ගැන ඉන්දියාව ද බලවත් විමසිල්ලෙන් පසුවෙයි. මෙම චීන නැව කොළඹ හා හම්බන්තොට වරායන් වෙත සේන්දුවීමට නියමිතය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment