ශ්‍රී ලංකා ක්‍රිකට් ගෝලීය විකාශන අයිතියට අද සිට ලංසු කැඳවයි

127

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෝලීය මාධ්‍ය (විකාශන) අයිතිය සඳහා ලංසු කැඳවීම අද (01 වැනිදා) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එම විකාශන අයිතිය වසර තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන බවත් ඉන්දීය විකාශන සමාගම් කිහිපයක් ඒ සඳහා ඉදිරිපත්ව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම මෙම ගෝලීය විකාශන අයිතිය සඳහා ලංසු විමසීමෙන් පසුව දේශීය ක්‍රිකට් තරග විකාශන අයිතිය සඳහා ලංසු කැඳවීම ආරම්භ කරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගෝලීය විකාශන අයිතිය ීදබහ ීචදරඑි ආයතනයට හිමි වන අතර එහි වත්මන් විකාශන අයිතිය ඩොලර් මිලියන 23-25 ත් අතර අගයක් ගනී.

නව වටිනාකම මීළඟ ලංසු තබන්නන්ගේ ලංසු ඉදිරිපත් කිරීම මත රඳා පවතින අතර ශ්‍රී ලංකාව ඉන්දියාවට සත්කාරකත්වය සපයන තරග මත වටිනාකම වැඩිවීමට ඉඩ පවතී.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment