ශානිගේ පෙත්සමට තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ඇතුළු 3ක් උසාවි කැඳවයි

115

ලබන සැප්තැම්බර් 11 වැනිදා අධිකරණයට කරුණු දැක්වීම සඳහා පෙනී සිටින ලෙස දන්වා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්‍ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති සහ ජාතික පොලිස් කොමිසම් සභාවේ සභාපති චන්‍ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ට සිතාසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (10 දා) නියෝග කළේය.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක් සම්බන්ධයෙන් නියෝග නිකුත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා රත්නප්‍රිය ගුරුසිංහ යන මහත්වරු එම නියෝගය කළහ.

තමන් සම්බන්ධයෙන් දේශපාලන පලිගැනීම් කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශ අනුව කටයුතු නොකරන බවට අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබියදීත් එම ප්‍රතිඥාව උල්ලංඝනය කිරීමෙන් පෙරකී වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇතැයි පෙන්වා දෙමින් එම නඩුව ගොනුකර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment