ශ‍්‍රී ලංකා – ඉන්දියා තරගාවලියෙන් – ක‍්‍රිකට් ආයතනයට කෝටි 280ක ලාභයක්

762

ඉන්දීය තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකිවීම මගින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට රුපියල් කෝටි 280කට වැඩි ලාභයක් හිමිකර ගැනීමට හැකි වූ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා කියා සිටී.

පසුගියදා කි‍්‍රක්බස් වෙබ් අඩවියට අදහස් දක්වමින් එ් මහතා මේ බව ප‍්‍රකාශ කර තිබේ.

සත්කාරක ශී‍්‍ර ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්විය. තරගාවලිය පැවැත්වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලැබූ ලාභය පිළිබඳ අදහස් දක්වා ඇති මොහාන්ද සිල්වා මහතා කි‍්‍රක්බස් වෙබ්අඩවිය වෙත මෙලෙස අදහස් දක්වා තිබේ. ‘මේ තරගාවලි අපිට වටිනා තරගාවලියක්. කොරෝනා තත්ත්වය මත වුණත් සැලසුම් කර තිබූ ආකාරයට තරග 6 ම පැවැත්වීමට හැකිවීම නිසා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට රුපියල් කෝටි 280කට වඩා වැඩි ලාභයක් උපයා ගැනීමට හැකි වුණා. මුලින්ම මේ තරගාවලිය එක්දින තරග 3කට පමණක් සීමා කරලා තිබුණත් අපේ ඉල්ලීම මත විස්සයි විස්ස තරග 3කුත් කී‍්‍රඩා කිරීමට ඉන්දීය කි‍්‍රකට් ආයතනය එකඟ වුණා. එ් නිසා මුළු සංචාරයේම වටිනාකම ඉහළ ගියා. එ් නිසා අපි ඩොලර් මිලියන 14.5කට ආසන්න මුදලක් උපයා ගත්තා. එම මුදල ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙත විශාල ශක්තියක්’

තරගාවලිය අතරතුර ඉන්දීය කී‍්‍රඩක කෲනාල් පාණ්ඩයා හට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම කණ්ඩායමේ කී‍්‍රඩකයන් 9 දෙනකුටම නිරෝධායනයට ලක්වීමට සිදුවිය. එ් අනුව එහිදී තරගාවලිය අතර මග නතර නොකොට ඉදිරියට රැුගෙන යෑමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉන්දීය කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළ රාහුල් ඩ‍්‍රාවිඞ් හටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම්වරයා ප‍්‍රශංසා කර තිබේ. ‘රාහුල් ඩ‍්‍රාවිට් හට අවශ්‍ය නම් එ් මොහොතේ තරගාවලිය අත්හිටුවා කණ්ඩායම ආපසු ඉන්දියාවට රැුගෙන යෑමට කටයුතු කරන්නත් තිබුණා. නමුත් මේ තරගය ඉදිරියට පැවැත්වීමට ඔහු අපිට සහයෝගය දුන්නා. කණ්ඩායම් දෙකේම කී‍්‍රඩකයන් කොරෝනා වෛරස් තත්ත්වයෙන් ආරක්ෂා කිරීමට අප ගන්න උත්සාහය පිළිබඳ ඔහු විශ්වාසය තබා කටයුතු කිරීම නිසා තරගාවලිය ඉතිරි තරග පැවැත්වීමට හැකිවුණා. මේ නිසා රාහුල් ඩ‍්‍රාවිඞ් හට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙතින් විශේෂ ප‍්‍රශංසාවක් හිමිවිය යුතු යැයි මොහාන්ද සිල්වා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment