සංවර්ධන බැඳුම්කර සෘජු නිකුතුවෙන් ඩොලර් මිලියන 111.5 ක්

152

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට පසුගිය පෙබරවාරි 15 වැනිදා දක්වා කාලයේදී ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සෘජු නිකුතුව ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 111.5ක මුදලක් රැස්කර ගැනීමට හැකිවී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජන දිරිමත් කිරීම සඳහා විවිධ ක‍්‍රියාමාර්ග ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදෙන ලදී. එම ක‍්‍රියාවන්හි සාර්ථකත්වය පෙන්නුම් කරමින් මේ මුදල රැස්කර ගැනීමට හැකිව තිබේ.

ඉහත සඳහන් කළ කාලය තුළ සිදුකළ ආයෝජනයන්හි පරිණත කාලයන් මාස 3 සිට වසර 5 දක්වා කාල පරාසයක විහිදුණු අතර, කුඩා පරිමාණ මෙන්ම මහා පරිමාණ සුදුසුකම් ලත් ආයෝජකයන් ආයෝජනය කිරීමට පෙළඹුණි. විදේශයන්හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලවල සහයෝගය ඇතිව ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජනය කිරීමට, ඒ සඳහා සුදුසුකම් ලත් ආයෝජකයන් දිරිගැන්වීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment