සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ටිකට්පත “සුපිරි ධන සම්පත” වෙළෙඳපළට

473

පුරා වසර 40 ක් ශ්‍රී ලාංකික වාසනාවේ රන්කෙත අස්වැද්ද වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය රන්කෙතේ අස්වැන්න ලෙස කෝටිපතියන්, දස ලක්‍ෂපතියන්, ලක්‍ෂපතියන් සහ සෙසු ත්‍යාග වලින් පෝෂිත විශාල ජයග්‍රාහකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ජනගත කරමින් සුවිශේෂී වූ මෙහෙවරක් සිදුකළ ආයතනයකි.

ශ්‍රී ලාංකිකයන්ගේ වාසනාවේ විශ්වාසය තහවුරු කරමින් ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් ඉටුකරන අතරවාරයේම මෙරට ජන සමාජයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ මට්ටමකට පවත්වා ගැනීමට ජනාධිපති අරමුදල හරහා අරමුදලුත්, ශ්‍රී ලාංකීය මානව සම්පතේ ප්‍රගමනය සඳහා උසස් අධ්‍යාපනයට වරම් ලද එහෙත් ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන දරුවන්ට මහපොල උසස් අධ්‍යාපන අරමුදල හරහා අරමුදලුත් ලබාදෙමින් තම අනුපමේය මෙහෙවර රජයට අයත් රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩවම ඉටුකළ ආයතනයකි. වසරින් වසර ඒ සුවිශේෂී වූ මෙහෙවර තවදුරටත් වර්ධනය කරමින්, ශ්‍රී ලාංකික ජන සමාජයට තව තවත් කෝටිපතියන්, දස ලක්‍ෂපතියන්, ලක්‍ෂපතියන් හා සෙසු ත්‍යාග දිනාගන්නා ජයග්‍රාහකයින් බිහිකිරීමේ අදිටනින් 2023.10.27 වන දින තවදුරටත් වාසනාවේ නිම් වළලු පුළුල් කරමින් “සුපිරි ධන සම්පත” නමින් සතියේ දින හතේම දිනුම් අදිනු ලබන ලොතරැයියක් වෙළදපලට හදුන්වාදීමට කටයුතු කර ඇත.

මේ තුළින් දෛනිකව, මාසිකව, වාර්ෂිකව බිහිකරනු ලබන කෝටිපතියන්, දස ලක්‍ෂපතියන්, ලක්‍ෂපතියන් ඇතුළුව සෙසු ත්‍යාග ජයග්‍රාහකයින් දෙගුණ තෙගුණ කරමින් ශ්‍රී ලාංකීය ලොතරැයි මිලදී ගන්නන්ට ලොතරැයි මිලදී ගැනීමේ රසාස්වාදය තවදුරටත් වැඩි කරන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිවේදනය කරයි.

තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ව්‍යාපාරික දිවිය තුළ ශ්‍රී ලාංකික වෙළෙදපලට නව තාක්‍ෂණයෙන් යුතු ලොතරැයිපත් හඳුන්වාදී නව තාක්‍ෂණය ඔස්සේ ලොතරැයි මිලදී ගැනීමට අවස්ථාව උදාකළා මෙන්ම වර්තමානයේ නව තාක්‍ෂණය සමගින් යාවත්කාලීනව ඉදිරියට ගමන් කරනු ලබයි. එබැවින් නව තාක්‍ෂණය ඔස්සේ ලොතරැයි මිලදී ගන්නන්ගේ විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමේ අභිලාෂයෙන් මෙම ලොතරැයි දිනුම් ඇදීම සුවිශේෂී වූ පරිගණක තාක්‍ෂණය හරහා මානව සම්පතේ අතපෙවීමකින් තොරව සුපිරි පරිගණක තාක්‍ෂණය භාවිතා කරමින් ජයග්‍රහණයන් තෝරා ගනු ලබන පන්දු තේරීමේ ක්‍රමය ලංකාවට හදුන්වා දීමට සිටින බව වාර්තා කරයි. ලොතරැයියේ මංගල දිනුම් එළඹෙන 2023.11.09 වනදා සිදුකිරීම නියමිත අතර එය මෙරට ලොතරැයි කලාවේ නව මානයකට ඔබව රැගෙන යන අලුත්ම අත්දැකීමක් වනු ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ විශ්වාසයයි.

advertistmentadvertistment
advertistmentadvertistment