සම්පත් බැංකුවේ නවතම සේවා මධ්‍යස්ථානය ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේදී විවෘත වෙයි

144

සම්පත් බැංකුවේ මෙහෙයුම් හා ශාඛා බැංකු කටයුතු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දීපාල් ද සිල්වා මහතා විසින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා වෙත සමරු තිළිණය ප‍්‍රදානය කළ අයුරු

සම්පත් බැංකුව බත්තරමුල්ල සුහුරුපායේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ සිය නවතම බැංකු සේවා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ එහි සේවය ලබා ගැනීමට පැමිණෙන සුවහසක් ශ‍්‍රී ලාංකිකයන් වෙත නව්‍යකරණ බැංකු සේවාවක පහසුව අත් කර දෙමිනි.

සම්පත් බැංකුවේ නවතම සේවා මධ්‍යස්ථානය වූ මෙය ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් විවෘත කළ අතර එම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ මෙහෙයුම් හා ශාඛා බැංකු කටයුතු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දීපාල් ද සිල්වා, අභ්‍යන්තර පේ‍්‍රෂණ, KPO/BNO සහකාර සාමාන්‍යාධිකාරී රාජේන්ද්‍ර රණසිංහ, මෙහෙයුම් සහකාර සාමාන්‍යාධිකාරී උදාර සුරවීර, මෙහෙයුම් කළමනාකාර බන්දුවර්ණ පියසේන, අභ්‍යන්තර පේ‍්‍රෂණ කළමනාකාර වජිර හේවගේ සහ බත්තරමුල්ල සම්පත් බැංකු ශාඛාවේ කළමනාකාර බුද්ධික දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment