සහල් මිල ගැසට්ටුව රිවස් වෙයිද?

414


සහල් උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් නිකුත්කර ඇති ගැසට් පත්‍රය කිසිදු සංශෝධනය කට ලක් කිරීමට හෝ අවලංගු කිරීමට හෝ පවතින සහල් මිල වැඩි කිරීමට හෝ ක්‍රියාකර නොමැතිබව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවද එම අධිකාරිය පවසයි.

ඉකුත් මැයි මස 2වැනිදා නිකුත්කර ඇති ගැසට් නියෝගයට අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ක් ,සම්බා සහල් කිලෝවක් රුපියල් 230ක් ,සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක් ලෙස මිල නියම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment