ස්ථානීය පරීක්‍ෂාවකට ප්‍රියමාලි ක්‍රිෂ්  ගොඩනැඟිල්ලට රැගෙන යයි

532

රුපියල් මිලියන 226 ක් වංචා කළ බවට චෝදනා එල්ල වී මේ වනවිට වැලිකඩ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙවැනි වරටත් ස්ථානීය පරීක්‍ෂාවක් සඳහා පෙරේදා (15දා) රැගෙන යන ලදී.

මෙම සැකකාරිය පෙරේදා පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ පිහිටි කාර්යාලයකට රැගෙන ගොස් පැය 05 ක පමණ විමර්ශනවලින් පසු සවස 3.20 ට පමණ නැවත බන්ධනාගාරයට රැගෙනවිත් තිබේ. ක්‍රිෂ් අධ්‍යක්‍ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මියද එම ස්ථානයට කැඳවා ඇයගෙන්ද ප්‍රකාශයක් ගත් බවට වාර්තා වේ.

පසුගිය 12 වැනිදා සැකකාර තිළිණි ප්‍රියමාලි නමැත්තිය ස්ථානීය පරීක්‍ෂණාවක් සඳහා කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ පිහිටි ඇයගේ ව්‍යාපාරික ස්ථානයට රැගෙන ගොස් තිබුණි.

තිළිණ ප්‍රියමාලි නමැත්තිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා (19දා) දක්වා රක්‍ෂිත බන්ධනාාගර ගතකර සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment