සෑම වසරකම මෙරට ලක්ෂ තුනහාමාරක තරුණ පිරිසක් අනාථයිලු

137


උසස් පෙළ විභාගයෙන් පසු සෑම වසරකම එම තරුණ තරුණියන්ගෙන් 350,000 ක් පමණ පිරිසක් අනාගතය අවිනිශ්චිත භාවයෙන් කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි.
උසස් පෙළට පෙනී සිටින දරුවන් 45,000 කට ආසන්න පිරිසක් විශ්ව විද්‍යාලයට ඇතුල් වන බවත් දෙමාපියන්ගේ ආර්ථික ශක්තියත් සමඟ තවත් 35,000 ක පමණ පිරිසක් විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා පිටත්ව යන බවත් සඳහන් කරයි.
වසරක් පාසා මේ 350,000 ක තරුණ පිරිසේ වගකීම පැවරෙන්නේ ජාතික තරුණ සේවා සභාවට බවත් සෑම වසරකම ලක්ෂ පහක පමණ තරුණයින් පිරිසකට සේවය සපයන්න අවශ්‍යයැයිද පවසයි. ඔවුන්ගේ අනාගතය බලාපොරොත්තු සහිත අනාගතයකට ගෙන යාමේ වගකීම ඉටු කළ යුතුව ඇතැයිද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment