සුමනක්කගෙ කෑම කඩේ… අබ්ලික් Story

737

අනේ බුදු සර් මගේ මනුෂ්‍යයා දැන් මාස දෙක තුනක ඉඳලා ගෙදර එන්නේ නැහැ. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. උන්ට කන්න අඳින්න දෙන්න විදිහක් නැහැ. උගන්වන්න අතේ සතයක්වත් නැහැ. මගේ මනුස්සයා සොයලා දෙන්න.
 
 පසුගිය දවසක අලව්ව පොලිසියට ආව කාන්තාවක් හැ`ඩූ කඳුලෙන් තමන්ගේ සැමියා හොයලා දෙන්න කියලා ඉල්ලීමක් කළා.
 
 පොලිස් නිලධාරීන් වහාම ක‍්‍රියාත්මක වෙලා මේ කාන්තාවගේ සැමියා ගැන තොරතුරු හොයන්න ගත්තා.
 
 තමන්ගේ සැමියාව හොයාගෙන ආව කාන්තාව නිල්මිණි. ඇගේ සැමියා වික‍්‍රම. එයා වෘත්තියෙන් ටිපර් රියදුරෙක්. අලව්ව පැත්තෙ මාර්ග ඉදිකිරීම් ආයතනයකට පස් ගල් වැලි සැපයීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය වික‍්‍රම යහමින් මුදල් හරිහම්බ කළා.
 
 ඒත් පසුගිය මාස දෙක තුනක කාල සීමාවේදී වික‍්‍රම ගෙදර යන එක නතර කරලා දැම්මා. තමන්ගේ බිරිඳට දරුවන්ට වියදම සඳහා මුදල් දෙන එකත් ටිකෙන් ටික අමතක කරලා දැම්මා.
 
 වික‍්‍රම ගල්වැලි ඇද්දෙ එයාගෙම ටිපර් රථයෙන්. එයා හැමදාම පුරුද්දක් විදිහට දවල්ට කෑම කෑවේ අලව්ව පැත්තෙ පුංචි කෑම කඬේකින්.
 
 මේ කෑම කඬේ පවත්වාගෙන ගියේ සුමනා අක්කා. එයා බොහොම හැඩ වැඩ ඇති කාන්තාවක්. සුමනා අක්කා පනස් හැවිරිදි විය ඉක්මවා ගියත් තාම ගිණි කිකිළියක් වගෙයි.
 
 සුමනා අක්කගෙ සැමියා එයාව අතහැරලා ගියේ මීට වසර ගණනාවකට උඩදීයි. ඒ පවුල් ආරවුලක් නිසයි. මේ වෙනකොට සුමනා අක්කට ලොකු මහත් වෙච්ච දියණියකුත් ඉන්නවා. රසාදරී සුමනා අක්කගෙ එකම දුව. එයා රැුකියාව කළේ අලව්ව පැත්තෙ කර්මාන්ත ශාලාවක.
 
 වික‍්‍රම බඩකට පුරා කෑම කන්න සුමනා අක්කගෙ කෑම කඬේට රිංගන්න පුරුදු වෙලා හිටියා. වික‍්‍රම යන්තම් අවුරුදු තිහ ඉක්මවා ගිය තරුණයෙක්.
 
 කෑම කන්න නිතර නිතර සුමනා අක්කගෙ කඬේට රිංගන්න ගත්තට පස්සෙ මේ දෙන්න අතරේ පුංචි ඇයි හොඳයියක් ලියලා වැඩෙන්න ගත්තා.
 
 ඔයාගෙ කෑම නම් පුදුම රසක්. කොහෙන් කෑවත් ඔයාගේ කෑම කෑවේ නැත්නම් බඩකට පිරෙන්නෙ නැහැ.
 
 වික‍්‍රම සුමනා අක්කව වර්ණනා කළා. මල්ලි තාම සුමනා අක්කගෙ කෑම කාලා නැහැ. එහෙම කෑවනම් මේ ගෙදරම මල්ලි නතර වෙනවා.
 
 සුමනා අක්කත් දෙපැත්ත කැපෙන කතා කියලා මහා හයියෙන් හිනා වුණා.
 
 අවුරුදු ගාණක් තිස්සේ සැමියෙක් නැතුව ගත කරපු හුදෙකලා ජීවිතය සුමනා අක්කා නැතිකර ගත්තෙ වික‍්‍රම නිසයි. මේ දෙන්නා අතරේ රහසිගත පේ‍්‍රමයක් ඒ වෙනකොට ගොඩනැ`ගිලා. කාටත් හොරා දෙන්නා පෙම්රස විඳින්නත් පුරුදුවෙලා හිටියා.
 
 සුමනා අක්කගේ එකම දුව රසාදරීත් වික‍්‍රමට හරි කැමතියි. වික‍්‍රමයි සුමනා අක්කයි අතරේ තහනම් ආදරයක් තියන බව රසාදරී දැනගෙන හිටියේ නැහැ.
 
 කොහොම කොහොම හරි වික‍්‍රම රසාදරිටත් බැල්ම දාන්න පටන්ගත්තා. සැබවින්ම රූමත් තරුණියක් වූ රසාදරි අන්තිමේදී වික‍්‍රමගේ ආදර දැලේ පැටලූනා.
 
 දැන් වික‍්‍රම රසාදරීටත් පේ‍්‍රම කරනවා. ඒ හැමෝටම හොරෙන් සුමනා අක්කා එක්කත් රහසිගතව පේ‍්‍රමයක් පවත්වාගෙන යනවා.
 
 දැන් වික‍්‍රමට ගෙවල් දොරවල් අඹු දරුවෝ මතක නැහැ. ගෑනු දෙන්නෙක්ගෙ දුක සැප බලන්න වික‍්‍රමට සිද්ධ වෙලා.
 
 කොහොම කොහොම හරි සුමනා අක්කට තමන්ගේ දුව ගැන පුංචි ඉ`ගියක් දැනෙන්න ගත්තා. වික‍්‍රම තමන්ට පමණක් නොවෙයි තමන්ගේ එකම දුව එක්කත් පේ‍්‍රම සම්බන්ධයක් පවත්වන බව දැන ගත්තම සුමනා අක්කාට හොඳටම කේන්ති ගියා.
 
 ඒත් ඒ වෙනකොට හැම දේකටම ප‍්‍රමාද වැඩියි. මේ ප‍්‍රශ්නය කොයිතරම් දුරදිග ගිහිල්ලා තිබුණාද කියනවා නම් ඒ වෙනකොට සුමනා අක්කගේ සම්බන්ධය එක්කම රසාදරිත් අමාරුවේ වැටිලා. රසාදරී මව් පදවිය ලබන තත්ත්වයට පත්වෙලා.
 
 ඒ වෙනකොට වික‍්‍රම සුමනා අක්කගෙ ගෙදර බින්න බැහැලා.
 
 දැන් කරන්න දෙයක් නැහැ. අම්මයි දුවයි දෙන්නම බලාගෙන තමයි මට ඉන්න වෙන්නෙ.
 
 නීති්‍යානුකූල බිරිඳ ඒ වෙනකොට අතහැරලා සිටියා. වික‍්‍රම සුමනා අක්කගෙයි දුවගෙයි දුක සැප බලාගෙන එහෙට වෙලා ඉන්න තීරණය කරගෙන හිටියා.
 
– රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment