හෙළුව එළියට දානවා කියා කප්පම් ගත් දෙදෙනෙක් දැලේ

438

නිරුවත් ඡායාරුප සහ අසභ්‍ය වීඩියෝ පට සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කරමින් කොම්පක්‍ඳ්ක්‍ඳවීදිය ප‍්‍රදේශයේ පදිංචි තිස්තුන් හැවිරිදි කාන්තාවකගෙන් රුපියල් දාහත් ලක්‍ෂයක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයන් දෙදෙනෙක් ළමා හා කාන්තා කාර්යාංශය මගින් පෙරේදා (27දා) අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ කප්පම් මුදලෙන් අත්තිකාරමක් ලෙස රුපියල් හත්ලක්‍ෂයක මුදලක් ලබා ගැනීමට සැකකරුවන් දෙදෙනා කොළඹ යුනියන් පෙදෙසට පැමිණි අවස්ථාවේ එහි රැුක සිටි පොලිස් නිලධාරීහු ඔවුන් අත්අඩංගුවට ගත්හ.

මෙම කප්පම් ලබාගැනිම මෙහෙය වූ පුද්ගලයා එංගලන්තයේ පදිංචිව සිටින අතර ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ලබාගෙන ඔහු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාව සහ එංගලන්තයේ පදිංචිව සිටින පුද්ගලයා අතර වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ සම්බන්ධතාවක් තිබී ඇත. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඔවුන් දැන හඳුනාගෙන ඇති අතර වට්ස්ඇප් දුරකථන මාර්ගයෙන් ඔවුන් දෛනිකව කතාබහ කර තිබේ. ඒ අතරතුර එංගලන්තයේ පදිංචි පුද්ගලයා මෙම කාන්තාවගේ නිරුවත් ඡුායාරුප සහ අසභ්‍ය විඩියෝ දර්ශන වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් හරහා ලබාගෙන තිබේ.

මීට ටික කාලයකට උඩදී මොවුන් අතර අමනාපයක් ඇතිවී ඇති අතර මෙම කප්පම් සිද්ධිය පැමිණ ඇත්තේ ඉන් පසුවය. තමන් විසින් ලබාගත් අසභ්‍ය වීඩියෝ පට සහ නිරුවත් ඡුායාරුප අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කරන බව කියමින් මෙම සැකකරු එම කාන්තාවට තර්ජනය කර ඇත. එසේ නොකිරීමට නම් රුපියල් දාහත්ලක්‍ෂයක කප්පම් මුදලක් ලබා දෙන ලෙස කියමින් මොහු එම කාන්තාවට තර්ජනය කර තිබේ. පසුව මෙම කාන්තාව මේ පිළිබඳව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිසිය ලබාදුන් උපදෙස් මත අදාළ කප්පම් මුදලෙන් ලක්‍ෂ 7 ක මුදලක් මුලින් ලබාදීමට ඇය එකඟ වී තිබේ. සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම මුදල් රැුගෙන යෑමට පැමිණි අවස්ථාවේදීය.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, බී. ටී. කේ. – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment