හේෂාටයි චමින්දටයි ආවත් බිංදු දාලා

280

වෙන කොහේ හරි ගියාද කියලා ගෙවල්වලින් හොයයි – හේෂා කියයි

තමන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වුවද දින දෙකක් නොපැමිණි බවට සලකුණු කිරීමක් කර ඇතැයි ද එය මන්තී‍්‍ර වරප‍්‍රසාද කඩ කිරීමක් යැයි සමගි ජන බලවේගයේ හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්තී‍්‍රවරු දෙදෙනා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25දා) ප‍්‍රකාශ කළහ.

හේෂා විතානගේ මහතා – අපි මේ පාර්ලිමේන්තුව පැවැත්වෙන සෑම දිනකම පැමිණෙනවා. මේ පාර්ලිමේන්තුව ගැන අපිට විශ්වාසයක් තිබෙනවා. නමුත් අපි අද සැකයට ඉල්ලා ගත්තා පැමිණීම පිළිබඳ ලේඛනයක්. එහි සඳහන් වෙනවා 12 වැනි මාසේ 06 සහ 07 කියන දින දෙක අයවැය කාලයේ දින දෙකක් පැමිණිලා නෑ කියලා. පාර්ලිමේන්තුවට පැමිණිලාත් පැමිණියේ නෑ කියලා සටහන් වෙන්නේ කොහොමද අපිව තුන් පළකින් පරීක්ෂා වෙනවා. මේක කරුණාකරලා විසඳන්න. අපේ ගෙවල්වලින් හොයයි අපි වෙන කොහේ හරි ගිහින් කියලා.

චමින්ද විජේසිරි මහතා – මම අඛණ්ඩවම පාර්ලිමේන්තු ආපු මන්තී‍්‍රවරයෙක්. මම ස්ථාවර ප‍්‍රශ්නයක් මේ අහන්නේ. මේවාට මේ ලේකම්තුමියලා වගකියන්න ඕනෑ. එක පැත්තකින් පිරිත් කියන්න යනවා. අපි පාර්ලිමේන්තු ඇවිත් කතා කරලා තිබෙනවා. හැන්සාඞ් ගත වෙලා තිබෙනවා. මේ පැමිණීම සටහන් කර ගන්න බැරිනම් නිලධාරීන් මොකටද?

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා – අපි සීසීටීවී පරීක්ෂා කරලා ඒ පිළිබඳ කියන්නම්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment