30 C
Colombo
|
Tuesday, May 7, 2024
Homeජෝතිෂය

ජෝතිෂය

Divaina- Obe Daiyawaya astrology

අද දවසේ ඔබේ දෛවය


Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. නව වැඩකටයුතු ඇරඹීමට හේතුයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වුවද ඒවා දමනය කිරීමේ ශක්තිය ද ඇතිවෙයි. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. ශිරෝ රෝග ඉස්මතු වෙයි.

Date: 2024-05-07

ජය අංකය: 09
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් සමග ගමන් බිමන් ද යෙදෙන අතර අවිවේකී බව ගෙනදෙයි. අධ්‍යාපනික කටයුතුවලින් ජයමග පෑදෙයි. ඉඩකඩම් ලාභ ලැබීමකට හේතුයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභ නොවේ. වාතාධික රෝග ඉස්මතු වෙයි.

Date: 2024-05-07

ජය අංකය: 02
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

ගමන් බිමන් බහුල වෙයි. නිශ්ඵල ගමන් ද යෙදෙන බැවින් දුරදිග බලා කටයුතුවල යෙදීම හොඳයි. රාජකාරිවලදී නානාවිධ බාධා එල්ල වෙයි. එය ද ඉවසීමෙන් ක්‍රියාකර ජයගත යුතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි.

Date: 2024-05-07

ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ක්‍රියාශීලී දිනකි. රාජකාරි ස්ථානවල තරමක වියවුල් ස්වභාවයක් දෙයි. දුරදිග බලා තීරණ ගෙන ක්‍රියාකළ යුතුයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. සෙම් බහුල රෝග, උෂ්ණ රෝග දෙයි.

Date: 2024-05-07

ජය අංකය: 07
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභවාදී ඵල මතුකරයි. තම අරමුණු තරමක් ජය ගනී. ගමන් බිමන් බහුල දිනකි. පොදු සේවා සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. ජන ප්‍රසාදයට හේතු කරුණු යෙදේ. තම ආර්ථික වර්ධන ක්‍රියාවන් යෙදේ. ආමාශගත රෝග, ආහාර විෂවීම්වලට හේතුයි.

Date: 2024-05-07

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍ර ඵල මතුකරයි. ගමන්වලදී ප්‍රවේසම මැනවි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. හදිසි ධන වාසනා ලාභ ලබන දිනකි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා රෝග මතුකරයි.

Date: 2024-05-07

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ මිශ්‍ර ඵල මතුකරයි. ප්‍රීති උත්සව යෙදේ. රාජකාරි බහුල දිනකි. සතුරු බලපෑම් එල්ල වෙයි. බුද්ධිය මෙහෙයවා ක්‍රියාකළ යුතු නව නිර්මාණ ඇරඹීමට ශුභයි. උසස් ඇසුරට පත්වෙයි. යටපත්ව තිබූ රෝග නැවත මතුකරයි.

Date: 2024-05-07

ජය අංකය: 03
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍ර ඵල මතුකරයි. රැකියා ස්ථානවල සතුරු බලපෑම් මතුකරයි. ආවේගශීලී ගති ඉස්මතු කෙරෙයි. ඉවසීමෙන් තමන්ට ජය ලබාගත හැකි අතර අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ආහාර විෂවීම් මත අසාත්මිකතා රෝග සාදයි.

Date: 2024-05-07

ජය අංකය: 04
ශුභ වර්ණය: රතු
Qries

ධනු

කලබලකාරී ගති මතුකරයි. සුළුවෙන් හෝ ප්‍රීති සාද වැනි දේකට ද හේතුයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. අමතර ලාභ දෙයි. සිරසගත රෝග මතුකරවන දිනකි. බලාපොරොත්තු රහිතව වැයපස ඉහළ යයි.

Date: 2024-05-07

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

මකර

අවිවේකය මත තරමක් ආවේගශීලීව ක්‍රියා කරයි. සතුරු බලවේග ද මතුවීමට ඉඩ තිබේ. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. වැයපස ද ඉහළ යයි. සෙම්කෝප රෝග මතුකරවයි. තනතුරු ලාභ වරප්‍රසාද ලබන දිනකි.

Date: 2024-05-07

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ කරගෙන යෑමේ ශක්තිය ඇතිවෙයි. ඥාති මිත්‍ර සම්බන්ධතා වර්ධනය වෙයි. අසල්වැසියන් සමග සුහදතාව වර්ධනය වෙයි. වාතාධික රෝග, කොන්දේ වේදනා මතුවේ. නව නිපැයුම් ඇරඹීමට හොඳයි.

Date: 2024-05-07

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් එක්රැස්ව ක්‍රියාකරයි. සුළුවෙන් ප්‍රීති සුවය විඳින දිනකි. වැයපස ද ඉහළ යයි. ප්‍රසාදයට පත්වෙයි. ඉදිමුම් රෝග, සන්ධි වාත මතුවේ. දහමට ද ළැදිව ක්‍රියාකරයි.

Date: 2024-05-07

ජය අංකය: 09
ශුභ වර්ණය: දම්

ජෝතිෂය

Stay Connected

FansLike
FollowersFollow
SubscribersSubscribe
advertistmentadvertistment

නවතම ලිපි

advertistmentadvertistment
ePaper