Dialog සමාගම Meta සමග එක්ව සියලු දෙනාටම භාවිත කළ හැකි පරිදි Facebook Text-Only සහ Discover සේවාව හඳුන්වාදෙයි

111

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, Meta සමාගම සමඟ එක්ව Dialog පාරිභෝගිකයන්ට කිසිඳු ඩේටා ගාස්තු අයවීමකින් තොරව අවශ්‍ය ඕනෑම අවස්ථාවක Text Version වශයෙන් Facebook භාවිත කිරීම සඳහා අවස්ථාව සලසාදී තිබේ. මෙය Facebook භාවිත කිරීමට, පවතින ඩේටා ගාස්තු බාධාවක් වූ ඩයලොග් පාරිභෝගිකයන්ට ඒ පිළිබඳව තවදුරටත් සැලකිලිමත් නොවී Facebook භාවිත කිරීමට මහඟු අවස්ථාවක් හිමිවනු ඇත.

තම ආදරණීයයන් සහ හිතවතුන් සමඟ නොබිඳෙන සම්බන්ධතාවයක් සඳහා ඉවහල් වන මෙම විශේෂාංගය නිසා ඔබේ ස්මාට් ජංගම දුරකතනය, ටැබ් එක හෝ ලැප්ටොප් එක යනාදී ස්මාට් උපාංගවල ඩේටා නොමැති අවස්ථාවක පවා Facebook භාවිත කරමින් විශේෂ වැදගත්කමකින් යුත් තොරතුරු බලාගැනීමට සහ ඒ සම්බන්ධයෙන් දැනුවත්වීමට අවස්ථාව හිමිවේ. Text-only version එක නිසා මෙම සේවාව ලබාගන්නා පාරිභෝගිකයෙකුට ඡායාරූප දැකගැනීමේ අවස්ථාවක් හෝ වීඩියෝ නැරඹිමේ අවස්ථාවක් නොමැත. ඒ අනුව මෙම සේවාව ලබාගැනීමට අවශ්‍ය ඩයලොග්

පාරිභෝගිකයෙකුට සිය Facebook App එකෙන්ම text-only mode සහ Facebook හි සම්පූර්ණ version tl (Data mode) අතර ඉතා පහසුවෙන් මාරුවිය හැකීයි. Discover මොබයිල් වෙබ් සේවාව සහ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හරහා ඩයලොග් පාරිභෝගිකයෙකුට ප්‍රමාණවත් ඩේටා ශේෂයක් නොමැති අවස්ථාවක පවා තමන් කැමති වෙබ් අඩවියකට ප්‍රවේශ විය හැක. අඩු bandwidth එකක් යටතේ නොමිලේ ඩේටා භාවිත කිරීමට ඉඩ සලසා ඇති බැවින් Video, Audio, ඡායාරූප සහ වැඩියෙන් ඩේටා භාවිත වන සේවාවන් ලබාගත නොහැකීයි.

advertistmentadvertistment
advertistmentadvertistment