අධික තරබාරුවෙන් පාසල් වියේ දරුවන්ටත් හෘදයාබාධ

59

තෙල් – සීනි අඩංගු ආහාර ගැනීමෙන් දියවැඩියාව කොලෙස්ට්‍රෝල් වැළඳිලා
පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස

අධික තරබාරු පාසල් දරු – දැරියන්ගේ වැඩිවීමක් දක්නට තිබෙන බවත්, මේ හේතුවෙන් දරුවන් අඩු වයසින් හද්‍යාබාධ වැළඳී මියයෑමේ අවදානමක් මතුවී ඇති බවත් ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යායතනයේ පෝෂක අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ‘දිවයින’ට ඊයේ (05 දා) පැවැසුවාය.

බොහෝ සිසු සිසුවියන් වෙළෙඳපොළේ ඇති මුරුක්කු, වඩේ, රෝල්ස්, පැටිස් වැනි ආහාරත්, සීනි සහිත ඩෝනට්, අයිසින් කේක් වැනි දේත් වැඩි වැඩියෙන් ආහාරයට ගැනීම නිසා ඔවුන් කොලෙස්ට්‍රෝල් සහ දියවැඩියාව වැළඳී පීඩා විඳිමින් සිටින බව ද ඇය කියා සිටියාය.

මේ තත්ත්වය තුළ දරුවන් අඩු වයසින් හෘදයාබාධ වැළඳීමෙන් මියයෑමේ අවදානමද මතුව ඇතැයි ද ඇය සඳහන් කළාය.

තවදුරටත් කතා කළ පෝෂක විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය මෙසේද කීවාය.

“අද පාසල්වල මහත දරුවෝ වැඩිවෙලා. මේක ලොකු ප්‍රශ්නයක්. එවැනි දරුවන්ට දියවැඩියාව තියෙන්න පුළුවන්. අක්මාවේ තෙල් තැන්පත්වෙලා තියෙන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි පිළිකාව පවා වැළඳෙන්න පුළුවන්. මේ තත්ත්වය තුළ දරුවෝ ඉතා අඩු වයසින් මැරෙන්න පුළුවන්. බිස්කට්වලින් පවා ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. තෙල් සහිත කෑම, සීනි සහිත කෑම ගැනීම නිසා දරුවන්ගේ ඇස්වලට, වකුගඩු වලටත් බලපාන්න පුළුවන්.

දරුවෝ අඩු වශයෙන් දවසට පැය 2ක් ව්‍යායාම කරන්න, ඇවිදින්න, තියාගන්න, තෙල් කෑම, සීනි කෑම වලින් ඈත් වෙන්න.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment