අනුර නඩු දානකම් මං බලන් ඉන්නවා – සාගර කාරියවසම්

98

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා තමාට එන්තරවාසියක් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

රුපියල් මිලියන දහයක වන්දියක් ඉල්ලා ඇති එම එන්තරවාසියට අනුව අනුර කුමාර දිසානායක මහතා අධිකරණයේදී තමාට විරුද්ධව සාක්ෂි දෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා වාරි මාර්ග සහ කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි කාලයේදී මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගෙන වැව් දස දහසක් සඳහා බව පවසා කළ ක්‍රියාවන් ගැනත් යුද්ධයෙන් රට බේරාගෙන සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට හොරා, හොරා කීම ගැනත් ඒ මහතාගෙන් එහිදී දැනගත හැකි බවත් සාගර කාරියවසම් මහතා පැවසීය.

හිස් ෆයිල් ගෙනැවිත් ජනතාව රැවට්ටුවත් උසාවියට බොරු කිරීමට අනුර කුමාර දිසානායක මහතාට නොහැකි බැවින් තමාට විරුද්ධව නඩු පවරන තෙක්, තමා ඒ දෙස බලා සිටින බවත්, සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර සහ එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment