අපි හදන්නෙ බිස්කට් විතරක් නොවෙයි…පනස්හතර වැනි වසරට පා තබන මන්චි වෙතින් ප‍්‍රකාශයක්

1166

ශ‍්‍රී ලංකාවේ විශාලතම බිස්කට් නිෂ්පාදකයා මෙන්ම අපනයනකරුද ලෙස සැලකෙන මන්චි සිය පනස් හතරවැනි වසරට පා තැබීමට සූදානම් වන්නේ ‘අපි හදන්නේ බිස්කට් විතරක් නෙවෙයි’ යන තේමාව පෙරදැරි කොටගෙන බව ඉකුත්දා ප‍්‍රකාශයට පත් කෙරිණ.

දශක පහකට වැඩි කාලයක් මන්චි සන්නාමය යටතේ අලෙවි කෙරෙන බිස්කට් නිෂ්පාදන මෙරට මෙන්ම පිටරට ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයන්ට රසවත් අත්දැකීමක් වන්නට සමත් ව ඇත. මේ නිසාම ශ‍්‍රී ලංකාවේ වෙළඳපල නායකත්වය හිමිකර ගනිමින් ලොව සියලූ‍ මහාද්වීපයන් ආවරණය වන රටවල් හැටකට පමණ අපනයනය කිරීමටද මන්චි සමත් ව තිබේ. මන්චි ව්‍යාපාරයක් ලෙස මෙන්ම සන්නාමයක් ලෙසද අත්පත් කර ගෙන ඇති කීර්තියට එහා ගිය යමක් ශ‍්‍රී ලාංකේය සමාජයේ යහපත උදෙසා සිදුකර ඇති සමාජ සත්කාරයක් මගින් ලබාගෙන ඇති බව සීබීඑල් සමාගමේ සාමාන්‍යාධිකාරී අලෙවි ජන්මේෂ් පෝල් ඇන්තනි මහතා පවසයි.

අපි හදන්නේ බිස්කට් විතරක් නොවෙයි යන තේමාව යටතේ පනස් හතර වැනි වසරට පා තැබීමට තීරණය කරන ලද්දේ මෙතෙක් සිදු කරන ලද ප‍්‍රජා සත්කාරක සේවාවන් තවදුරටත් පුළුල්ව ඉදිරියට ‍ගෙන යෑම සඳහා කැපවන බව සියළු පාර්ශ්වකරුවන් වෙත අවධාරණය කිරීමට බව මන්චි අලෙවි සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේය. මන්චි සන්නාමය යටතේ ක‍්‍රියාත්මක ප‍්‍රජා සත්කාරක සේවාවන්, අධ්‍යාපනය, තරුන කටයුතු හා ක‍්‍රීඩා, සංස්කෘතික හා කලා, ප‍්‍රජා සංවර්ධන සහ ආපදා සහන කටයුතු යන ප‍්‍රධාන අංශයන්ට අයත් වන අතර ඒ යටතේ මේ වන විට වැඩසටහන් සිය ගණනක් ක‍්‍රියාත්මක කෙරෙයි. කෙසේ වුවද, ඉන් කිහිපයක් පමණක් සඳහන් කිරීම උචිත බව ජන්මේෂ් පෝල් ඇන්තනී මහතා සඳහන් කර සිටියේය.

පාසල් ළමුන්ට දිවා ආහාරයක් ලෙස පෝෂ්‍යදායී බිස්කට් ලබා දීමේ රජයේ වෑයමට දායකත්වය සැපයීම සඳහා වසර පනස් හතරකට පෙර මන්චි ආයතනය ආරම්භ කරන ලදී. එදා මෙදා තුර සමාජ වගකීම් පුළුල් ලෙස ඉටු කරමින් ප‍්‍රජා සත්කාරක වැඩසටහන් රැසකට මන්චි දායකත්වය සපයයි. ඒ අතුරින් අධ්‍යාපනය හා සම්බන්ධ වැඩසටහන් වලට දක්වන ප‍්‍රමුඛතාව සුවිශෞෂයි. දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව ක‍්‍රියාත්මක මන්චි ටිකිරි ශිෂ්‍යාධාර, මන්චි හපනා ශිෂ්‍යත්ව වැඩමුළු සහ මන්චි සිසුදිරිය වැනි වැඩසටහන් අපගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ලබා දී ඇති දායකත්වය අපමණයි. මේ වන විට මෙම මන්චි ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මගින් ප‍්‍රතිලාභ ලැබූ සිසු දරුවන් සංඛ්‍යාව ලක්ෂ ගණනකි.

ජාතික වොලිබෝල් ශූරතාවලියට වසර ගණනාවක සිට අඛණ්ඩව දක්වන දායකත්වය තරුණ හා ක‍්‍රීඩා අංශය යටතේ මන්චි වෙතින් සිදුවන ප‍්‍රජා සත්කාර වැඩසටහන් රාශිය අතරින් කැපී පෙනෙන ජාතික මෙහෙවරකි.

ප‍්‍රතිභාපූර්ණ මෙන්ම නැගී එන කලාකරුවන්ගේ නිර්මාණ ජනතාව අතරට ගෙන යෑමස ඳහා අතහිත ලබා දීම වගේම අපේ රටේ විවිධ ජන කණ්ඩායම් වලට අයත් සංස්කෘතීන් නොනැසී රැක ගැනීමටත්, දේශීය සන්නාමයක් ලෙස මන්චි නිරන්තරයෙන්ම ඉදරිපත් වේ. එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවැසි පොදු පහසුකම් ලබාදීමේ අරමුණ ඇතිව ක‍්‍රියාතත්මක මන්චි සමග ගමට සරණ ප‍්‍රජා සංවර්ධන වැඩසටහන මේ වන විට දිවයිනේ සතර අත විහිදි ඈත ගම් දනව් වල ජනතාවගේ ජීවිත සැපවත් කිරීමේ කාර්යයට සක‍්‍රිය ලෙස දායක වී ඇත. මේ යටතේ පානීය ජල පහසුකම්, පන්ති කාමර, ප‍්‍රජා ශාලා, කුඩා පාලම් සහ පුස්තකාල වැනි පොදු හසුකම් රැසක් ලබා දී ඇත. දැනට මන්චි සමග ගමට සරණ ව්‍යාපෘතීන් 200ක් පමණ ජනතා අයිතියට පවරා දී ඇත. ඉන් ප‍්‍රතිලාභීන් දෙලක්ෂයකට වැඩි පිරිසක් සඳහා රුපියල් මිලියන 100ක පමණ අගයක් නිර්මාණය වී තිබේ.

ඉහත සඳහන් කළ සමාජ සත්කාරක වැඩසටහන් මගින් හුදෙක් වෙළඳ සන්නාමයට වඩා ඔබ්බට ගිය ජනතාවට වඩාත් සමීප සහ ඔවුනගේ ආදරය දිනාගත් සෙනෙහසේ සංකේතයක් බවට මන්චි පසුගිය වසර පනහකට වැඩි කාලය තුළදී සමත් වීම පිළිබඳව තමන් සතුටු වන බවද සීබීඑල් සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවි ජන්මේෂ් පෝල් ඇන්තනී මහතා පැවසීය. මේ නිසා මන්චී ආයතනය පනස් හතර වන වසරට පා තබන මේ අවස්ථාවේදීිඅපි හදන්නේ බිස්කට් විතරක් නෙවෙයි‘ යන තේමාව තෝරා ගැනීම තුළින් එම සමාජ සත්කාරක ලැදියාව වඩාත් අර්ථවත් කරීම අරමුණ බවයි. ඒ අනුව, යහපත් ආයතනික පුරවැසියෙකු ලෙස මෙන්ම ජනහද දිනාගත් දේශීය සන්නාමයක් ලෙස ද මන්චි විසින් මෙතෙක් ක‍්‍රියාත්මක කරන ලද ප‍්‍රජා සත්කාරක සේවාවන් වැඩි ප‍්‍රතිලාභීන් පිරිසක් වෙත ගෙන යමින් ඒවා ව්‍යාප්ත කිරීම සඳහා තවදුරටත් කැපවෙන බව එයින් සනිටුහන් වන්නේ යැයි ද ජන්මේෂ් පෝල් ඇන්තනී මහතා අවධාරණය කර සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment