අම්පාරේ ගොඩ වැලි සේදුම් බලපත‍්‍රය අහෝසියි

352

අම්පාර දමන දිවියාගල ප‍්‍රදේශයේ පරිසරයට හානි කරමින් පවත්වාගෙන යනු ලැබූ ගොඩ වැලි සේදුම් ස්ථානයේ කැණීම් බලපත‍්‍රය වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඊයේ දින (10) සිට අත්හිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පියවර ගෙන ඇත.

එමගින් සිදුව ඇති විශාල පාරිසරික හානිය සම්බන්ධයෙන් පසුගිය දිනවල ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රවෘත්ති සැළකිල්ලට ගනිමින් එම වැළි සේදුම් පොළ සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙතින් කරුණු විමසීමක් කරනු ලැබීය.

කැණීම් බලපත‍්‍රය වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඊයේ දින සිට අත්හිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment