ඉක්මනින් ක්‍රිකට් පුහුණුවීම් අරඹනවා – ධනුෂ්ක ගුණතිලක

400

ඔස්ට්‍රලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පෙරේදා (03දා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ සිටියහ.

ඔවුන් 03 වැනිදා රාත්‍රී 10.55 ට ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. ගුවන්තොටුපොළේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක,

මෙම මාස එකොළහක කාලය තුළ ඔස්ටේ්‍රලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව පැවසීය.

එසේම මෙම කාලය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසීය. එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සඳහා අවශ්‍ය පුහුණුවීම්වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසීය.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment