ඉන්දු චීන දේශ සීමා ගැටුම් ගැන අලුත්ම හෙළිදව්ව

422

ඉන්දියානු දේශසීමාව හරහා චීන ආක්‍රමණය අහඹු සිදුවීම් නොවන නමුත් මේවා මතභේදයට තුඩු දී ඇති දේශසීමා ප්‍රදේශ වල ස්ථිර පාලනයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති ආක්‍රමණ බව ඒ සම්බන්ධයෙන් සිදු කළ අලුත්ම අධ්‍යයන මගින් අනාවරණය වී ඇත.2020 වසරේ සිට මේ දක්වා සිදුවූ දේශ සීමා ගැටුම් සමතයකට පත් කර ගැනීමට දෙපාර්ශවයම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහ හමුදා මට්ටමින් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ. දේශ සීමා ගැටුම් නිසා දෙරට අතර සබඳතා සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යාමට නොහැකි බවත් එම අධ්‍යයන මගින් අනාවරණය කර ඇත.හිමාලය ප්‍රදේශයේ පවතින දෙරට අතර දේශ සීමා උණුසුම් වාතාවරණය මගින් චීනය කොතෙක් දුරට ඉන්දීය දේශ සීමා ආක්‍රමණය කිරීමට කටයුතු යොදා තිබේ දැයි හදුනාගත හැකි බව ද සදහන් කරයි. මෙම ආක්‍රමණ උපාය මාර්ගික සැලසුම් බවද එම අධ්‍යයන මගින් අනාවරණය කර ගැනීමට සමත් වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment