ඉන්ධන මිල සංශෝධනයක්

967

ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කර ඇත. එම මිල පහළ දැමීමත් සමඟ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 329 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 346 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 247 කි.ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 බැගින් ඉහළ දමා ඇත. එම මිල වැඩි වීමත් සමඟ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 426 කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 434 ක් වේ. මෙම මිල සංශෝධනය කිරීමට අනුව ඉන්දියන් ඔයිල් සමාගම සහ සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල සංශෝධනය කරන බව දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment