එන්න තේ බොමු, හැබැයි කානි සිකා…

923

රණවීර ගුරුවරියකි. මීට ටික කලකට පෙර ගුරු වෘත්තියට ආයුබෝවන් කී ඇය නිවසේ නතර වූයේ දශක කිහිපයක්ම දැයේ දරුවන්ගේ නැණස පෑදීමෙන් පසුවය.

ඉඩකඩම් දේපළ හිමි රණවීර ගුරුමාතාව එදා සිටම අරපිරිමැස්ස පිළිබඳ ඕනෑවට වඩා උනන්දු වූ නැතැත්තකි. එය පරම්පරාවෙන් පරම්පරාවට ගිය ගතිගුණයකි.

ඇතැමුන් එය දකින්නේ පෙරේතකම ලෙසිනි. තවත් අයකු එය දකින්නේ සකසුරුවම්කම ලෙසිනි. ඒ ගැන කාටත් කුමක්වත් කිව නොහැක්කේ මේ ගුරුමාතාව දරුවන්ට උගන්වා ඔවුන් ද යහමඟට ගෙන, ඉතා හොඳින් ජීවත් වන නිසාය.

ඉකුත් දිනක මෙකී ගුරුමාතාවගේ නිවසේ රාතී‍්‍ර බණක් සංවිධානය කළේ ඇගේ සැමියා මියගොස් පහළොස් වසරක් පිරීම නිමිත්තෙනි.

ගමේ බොහෝ පිරිසක් උදේ සිට බණ ගෙදර වැඩපළවලට එක්ව සිටියහ.

සවස 3.00ට පමණ බණ ගෙදර කටයුතුවලට එක්ව සිටි අයට තේ පැන් සංග‍්‍රහයක් පිරිනැමුණේ ඔය අතරය.

‘‘දැන් පිනක් දහමක් කරගන්නත් හරි අමාරුයි.’’ ගුරුමාතාව පිරිස අතරට පැමිණ කියා සිටියාය.

‘‘ඔව් ඉස්කෝලේ හාමිනේ. ජීවත් වෙන්න අපි කාටත් අමාරුයි. හැමදේම ගිනි ගණන්. අපි කනවා නෙවෙයි ලෙව කනවා…. ඇල්බට් කියා සිටියේ දේශපාලකයින්ට ද බැණ වදිමිනි.

‘‘එන්න එන්න තේ බොන්න.’’ ගුරුමාතාව කොයි කාටත් ඇරයුම් කළාය.

‘‘සීනිත් ගිනි ගණන්.’’ ගුරු මාතාව තේ ජෝගුව දිගු කළාය.

‘‘අද තේ බොන්න වෙන්නෙ හැබැයි කානි සිකා…’’ ගුරු මාතාව කීවේ හැන්දත් සීනි බෝතලයක් ඇල්බට්ගේ අතට දෙමිනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment