ඔස්කාර් යන නාටු නාටු

108

ඔයාලට මතක ඇති පහුගිය දවස්වල RRR චිත්‍රපටය වසරේ හොඳම ගීතයට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ලබාගත්තා. ඔන්න දැන් ආයෙමත් RRR චිත්‍රපටය හොලිවුඩයේ දැවැන්තම සම්මාන රාත්‍රිය වෙනුවෙන් නාමයෝජනා ලබලා තියෙනවා. ඒ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර ගීතය වෙනුවෙන්. එම්. එම්. කීරවානීගේ සංගීත අධ්‍යක්‍ෂණයෙන් හැඩවූ නාටු නාටු ගීතය තමයි මේ විදිහට ඔස්කාර් නාමයෝජනා ලබල තියෙන්නේ.

ඔස්කාර් යන නාටු නාටු

RRR චිත්‍රපටය වසරේ හොඳම ස්වතන්ත්‍ර ගීතය වෙනුවෙන් නිර්දේශ වෙනකොට අනිත් පැත්තෙන් තවත් බොලිවුඩ් නිර්මාණ දෙකක් හොලිවුඩ් ඔස්කාර් සම්මාන සඳහා නාමයෝජනා ලබලා තියෙනවා. ඒ තමයි” All that Breathes (Documentary Feature Film), The Elephant Whisperers) (Documentary Short Film) කියන නිර්මාණ. මේ අතුරින් ගොඩක් අය විශ්වාසය තියාගෙන ඉන්නේ RRR චිත්‍රපටය ගැන. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනාගත්ත වගේ ඔස්කාර් සම්මානයත් මේ වෙනුවෙන් ලැබෙයි කියල තමයි විචාරකයින් නම් කියන්නේ. එහෙම වුණොත් බොලිවුඩ් ඉතිහාසයේ පළමු වරට ඔස්කාර් සම්මානයක් ලබා ගැනීමේ ගෞරවය RRR චිත්‍රපටයට හිමිවේවි.

අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment