ඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවීමට මැදිහත් වන්න අගවිනිසුරුට පෙත්සමක්

52

මහජන මුදල් අවභාවිත කරමින් සිදු කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදිසි ඖෂධ මිලදී ගැනීම් වහාම අත්හිටුවීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (19දා) අග්‍ර විනිශ්චයකාරවරයා වෙත විශේෂ පෙත්සමක් භාර දුන්නේය.

වසරක පමණ කාලයක් තුළ ඉතා අඩු මිලට ගුණාත්මක බවින් යුත් ඉහළ ඖෂධ නිවැරදි ප්‍රසම්පාදන ක්‍රමයකින් මිලදී ගැනීමට හැකියාව තිබියදී එය අනුගමනය නොකර ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ස්ථාවර සහතිකයද නොගෙන හදිසි ප්‍රසම්පාදන කටයුතු සඳහා ක්‍රියාකර ඇතැයිද එම පෙත්සම මගින් අගවිනිසුරුවරයාට දැනුම් දී තිබේ.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියද මෙම මහජන මුදල් අවභාවිතයට වගකිව යුතු බව එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා සිය පෙත්සම මගින් අග විනිසුරුවරයාට දැනුම් දී තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment