කබ්රාල්ට හා ලලිත්ට එරෙහි නඩුවේ නියෝගය 4දාට

576

විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගෙන හිටපු… ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් ගොනුකර ඇති පෞද්ගලික නඩුකරයෙන් නිදහස් කරන්නේ ද නැතහොත් පැමිණිල්ල තවදුරටත් ඉදිරියට ගෙනයෑමට අවසර දෙන්නේ ද යන නියෝගය ලබන 4 වැනිදා නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (20 දා) දින නියම කළේය.

තිනියාවල පාලිත හිමියන් විසින් සිය සේවාදායකයන්ට එරෙහිව එම පෞද්ගලික නඩුව පවරා ඇත්තේ නිසියාකාරව කරුණු තහවුරු කර ගැනීමකින් තොරව හා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව බවත් එබැවින් නඩුව විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥවරුන් විසින් මූලික විරෝධතා ගොනුකර තිබිණි. විත්තිය ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ද ප්‍රතිවිරෝධතා ගොනු කරමින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ලලිත් වීරතුග මහතා ජනාධිපති ලේකම්වරයා ලෙසත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙසත් කටයුතු කළ සමයේ ශ්‍රී ලංකාව් ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ඇමරිකාවේ පදිංචි පාකිස්තාන ජාතිකයකුට ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් ගෙවීමට පෙලඹවීම ඇතුළු චෝදනා නගමින් තිනියාවල පාලිත හිමියන් එම නඩුව පවරා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment