ක්‍රිප්ටෝ වෙසින් එන මුදල් වංචා වැඩි වෙයි

239

ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය හා සම්බන්ධ බවට හඟවමින් සිදු කෙරෙන වංචනික ක්‍රියාකාරකම්වල දැඩි ඉහළයෑමක් මේ දිනවල දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

මේ නිසා වෙහෙස මහන්සියෙන් උපයා ගත් මුදල් රැක ගැනීමට සුපරික්‍ෂාකාරීව සිටින ලෙසත්, වංචාකරුවන් විසින් මේ සඳහා යොදාගන්නා උපායන් පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් බවත් මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.

බොහෝ විට එම ආයෝජනවලින් ලැබූ ඉපයුම් පිළිබඳ අතිශයෝක්තියෙන් සමාජ මාධ්‍යවල පළ කිරීම මින් එක් ප්‍රධාන උපක්‍රමයක් බවත් මෙමගින් එම යෝජනා ක්‍රම නීත්‍යානුකූල බව හඟවා අලුතින් පිරිස් එම වංචනික ආයෝජන ක්‍රමවලට ආකර්ෂණය කරගනු ලබන බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් යෝජනා ක්‍රම ලෙස නම් කළ ඇතැම් ආයතන විසින් ක්‍රිප්ටෝ මුදල් යෙදවීම ප්‍රවර්ධනය කර ඇති බව නිරීක්‍ෂණය වී ඇතැයි ද මහ බැංකුව කියයි.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂාකාරී වන ලෙසත් මහජනයාගේ සුපරීක්‍ෂාකාරී බව ක්‍රිප්ටෝ මුදල් ආයෝජන වංචා මැඩපැවැත්වීමට මහඟු උපකාරයක් වන බවත් මහ බැංකුව තවදුරටත් මහජනතාවට දැනුම් දෙයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment