කෑගල්ල යට්ටෝගොඩ පලපොලුවේ 76 හැවිරිදි කාන්තාවගේ ගෙල මිරිකා ඝාතනයඃ වරදකරු වූ මුණුබුරාට මරණ දඬුවම්

88

කෑගල්ල යට්ටෝගොඩ, පලපොලුව ප්‍රදේශයේ පදිංචිව සිටි මුතුගලගේ ඥනවතී නම් 76 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක ගේ බෙල්ල මිරිකා ඝාතනය කරණ ලද අයකුට සබරගමු පළාත්බද මහාධිකරණ (කෑගල්ල) විනිසුරු ජයකීද අල්විස් මහත්මිය විසින් මරණ දණ්ඩනය නියම කරණ ලදී.

මෙසේ මරණීය දණ්ඩනය හිමිවූයේ කෑගල්ල යට්ටෝගොඩ, පලපොලුව පදිංචි රංහොටිපේඩිගේ චමින්ද ගුණරත්න (49) නැමැති අයකුටය. ඔහු මිය ගිය කාන්තාවගේ මුණුබුරෙකි 2011 අගෝස්තු මස 25 වන දින හෝ ඊට ආසන්න දිනක කෑගල්ල අධිකරණ බල ප්‍රදේශයට අයත් යට්ටෝගොඩ පලපොලු‍ව ප්‍රදේශයේ නිවසේ තනිව ජීවත් වු 76 හැවිරිදි මුතුගලගේ ඥණවතී නැමැති කාන්තාව දුෂණය කොට ගෙල මිරිකා නිදි ඇදේදීම ඝාතනය කර තිබියදී සැකකරු කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගූවට ගෙන කෑගල්ල මහේස්ත්‍රස් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ. එහිදී මූලික සාක්ෂි විභාග කර ලඝු නොවන විභාගයකින් ඔබ්බට යාම සඳහා නීතිපතිවරයා වෙත යැවීමෙන් පසු නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකොට සබරගමුව(කෑගල්ල) පළාත් බද මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. එහිදී දිර්ඝ නඩු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සිදුවිය. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නඩුවේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයාගේ, රජයේ රස පරීක්ෂකවරයාගේ සහ ස්ථානගත සාක්ෂි අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී ඇති හෙයින් විත්තිකරුට විරුද්ධව මරණිය දණ්ඩනය නියම කරණ බව මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

කෑගල්ල අතිරේක සහ කෑගල්ල – එම්.බී.පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment