කේරළ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළීමෙන් 22ක් මරුට

81

දකුණු ඉන්දිය කේරළ ප්‍රාන්තයේ පෙරේදා (07දා) සිදු වූ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු 22 දෙනකු මියගොස් තිබේ. කේරළ ප්‍රාන්තයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ තනුර් වෙරළබඩ නගරයේ නදියක ගමන් කළ තට්ටු දෙකේ බෝට්ටුවක් පෙරළී යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර විසි පහක් පමණ දෙනා ගමන් කිරීමේ හැකියාවක් ඇති මෙම බෝට්ටුවේ පනහක් පමණ දෙනා ගමන් කිරීම නිසා අනතුර සිදුව ඇති බව කේරළ පොලිසිය පවසයි.

අනතුරට පත් බෝට්ටුවේ ගමන් ගෙන ඇති මගීන්ගෙන් වැඩි දෙනකු පාසල් ළමුන් බව අනාවරණය වී ඇති අතර ඊයේ (08දා) දහවල් වන විට බෝට්ටුවේ සිර වී සිටියදී ගොඩ ගත් මළ සිරුරු 22න් වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් හා කුඩා ළමුන්ගේ බව පොලිසිය සඳහන් කර තිබේ. අනතුරෙන් විපතට පත් වූවන් සොයා සිදු කෙරෙන මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන අතර අනතුරෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව බලධාරීහු පවසති. මෙම අනතුරෙන් සිදුව ඇති ජීවිත හානිය සම්බන්ධයෙන් තමා බලවත් කම්පාවට පත් වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදී ට්විටර් පණිවිඩයක් මගින් පවසා තිබේ.

සංස්කරණය : ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment