කොන්දේ වේදනාවට හෝමියෝපති ප්‍රතිකාර

524

කොන්දේ වේදනාවයි, කකුල දිගේ එක පාරට විදුලියක් දුවනවා වගේ, යටි පතුල පිච්චෙනවා, ඉඳිකටු අනිනවා, වෙලාවකට කූඹි දුවනවා වගේ, කකුල තියලා ඇවිදින්න බැහැ. වේදනාව දරන්න බැහැ. අනේ මට වේදනාවට බෙහෙත් ඕන. ඖෂධය වේදනාවටයි. නොදැනීම වන්නේ වේදනාවට හේතුව වර්ධනය වීමයි. අවසානය ඇඬූ කඳුළ ද ශල්‍යකර්මය ද කියා ඔබ තීරණය කළ යුතුය.

 අපේ ශරීරයේ බෙල්ලේ සිට කොන්ද දක්වා සුෂුම්නාවට ආරක්ෂණ පද්ධතියක් සේ පිහිටා තිබෙන කශේරුකාව අස්ථි ගණනාවකින් සෑදී තිබෙනවා. බෙල්ල කශේරුකා 7 කිනුත්, පිට ප්‍රදේශය කශේරුකා 12 කිනුත්, කොන්ද ප්‍රදේශය කශේරුකා 5 කිනුත් (L1 , L2 , L3 , L4 , L5) පසු කොටස ත්‍රිකස්තිය, අනු ත්‍රිකස්තිය කියන වලිගය ආකාරයෙන් අවසාන වී තිබෙනවා. මේ කශේරුකා අස්ථි, ඒවා අතර කාටිලේජ ඒවා සම්බන්ධව පේශි , නහර , ස්නායු , කාටිලේජ පවතිනවා. කුමන හෝ හේතුවක් මත කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඇති කරන වෙනස්වීම අපිට වේදනාව ගෙන දෙනවා. එය ප්‍රදාහක තත්ත්වයක්. මෙය කොන්දේ වේදනාව ලෙස සරලව හඳුන්වනවා.

 ● කොන්දේ වේදනාව ඇතිවන හේතු මොනවා ද?

 මෙයට හේතු ගණනවක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ කොන්ද ප්‍රදේශයේ කශේරුකා අතර ඇතිවන වෙනස්කම්. කශේරුකා අතර කාටිලේජ ගෙවීයෑම (Osteo Artheritis) , කශේරුකා අතර කාටිලෙජ ඉදිරියට තෙරපීම (Disc Buldge) එය යම් මොහොතක සුෂුම්නාවට ගැවීම (Herniation), වයස සමග කශේරුකා අස්ථි පටක අධිවර්ධනය වීම නිසා ස්නායු මාර්ග පටුවීම , (Spinal Steness), කශේරුකා එකිනෙකට ලිස්සා යෑම, (Spondylolisthesis) කශේරුකා දීර්ඝ කාලයක් ප්‍රදාහයට ලක්වී කශේරුකා උණබම්බු ආකාරයට තදවී තිබීම, (Ankylosing Spondylitis), කශේරුකා දිරායෑම, (Osteoporosis), කශේරුකා ගෙවීයෑම , දිරායෑම, තදවීම (Lumbar Spondylosis), කොන්දේ සිට පහලට එන විශාල ම ස්නායුව වන සයටිකා ස්නායුව තෙරපීම නිසා ද කශේරුකාව ඇදවීම නිසා ද (Scoliosis) පාද ඇදගැසීම නිසා ද කරනකොට කොන්දට වන බලපෑම යන කරුණු බෙහෙවින් බලපාන සාධක වෙනවා.

 ● මෙපමණක් නොව, මෙයට හේතු සාධක තව බොහොමයක් පවතිනවා.

 * පෝෂණ ඌනතාවය (Ca,P,Ma)

 * ඉඳගෙන සිටින ආකාරය, යම් ක්‍රියාවක් සිදුකරන ඉරියව්ව.

 * අඩි උස පාවහන් පැලඳීම.

 * සිරුරේ බර වැඩි වීම.

 * නිදාගැනීමට භාවිත කරන මෙට්ටය.

 * මානසික ආතතිය දිගු කලක් පැවැතීම නිසා

 ● මාංශ පේශි කණ්ඩරා බන්ධනී වෙනස්වී කොන්ද වේදනාවට පත්වීම.

 * වකුගඩු රෝගාබාධ, මුත්‍රා ගල් ඇතිවීම.

 * හදිසි අනතුරු, වැටීම්,

 * හොර්මෝන අසමතුලිත භාවය.

 * ගර්භාෂ ගත රෝග, අපට දැකිය හැක.

 ●කොන්දේ වේදනාව ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

 * කොන්ද ප්‍රදේශය තුළ ඇතිවන අධික වේදනාව,

 * කොන්දේ සිට පාදය දිගේ පහලට එන වේදනාව හා හිරිවැටීම,

 * කකුල දිගේ කූඹි දුවනවා, ඉඳිකටු අනිනවා වගේ දැනීම

 * යටි පතුල, කකුල් දෙක උඩට පිච්චෙනවා, දනවා වගේ දැනීම.

 * පාදයේ ඇඟිලි හිරිවැටීම.

 * විලුඹ වේදනාව, පිටි පතුල් වේදනාව, හිරිවැටීම.

 * බත්කෙණ්ඩ වේදනාව, කලවා ප්‍රදේශයේ හිරිවැටීම හා වේදනාව, කොන්ද නවා ඉදිරියට පහත්වීමේදී, කැස්ස ඇතිවීමේදී, කිවිසුම් යෑමේදී, කකුල දිගේ පහලට වේදනාවක් යනවානම් , ඇවිදීම නතර කළ පසු වේදනාව නවතිනවානම් එය කොන්දේ හටගත් ස්නායු අබාධයක් නිසා සිදුවන්නක් විය හැක.

 ● හෝමියෝපති ප්‍රතිකාර මගින් කොන්දේ අමාරුව සුව කරන්නේ කොහොම ද?

 අපගේ ප්‍රතිකාර තුළ දී රෝගියා පෙන්වන්නාවූ රෝග ලක්ෂණවලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. රෝග ලක්ෂණවලට සමාන වූ නිවැරදි හෝමියෝපති ප්‍රතිකාරය තුළ කොන්දේ වේදනාවට හේතු වූ ව්‍යුහාත්මක වෙනස්කම් (OSTEOARTHERISTIS , HERNIATION , OSTEOPOROSIS)  ක්‍රමක්‍රමයෙන් යථාතත්ත්වයට ගෙන එනු ඇත. එනම් ගෙවී ගිය කාටිලේජ පටක ගොඩනැඟීම, දිරා ගිය අස්ථි පටක ගොඩනැඟීම,නම්‍යශීලිතාව ගෙන දීම, ක්‍රමවත් රුධිර සංසරණයක් ඇතිවීම නිසා

 ගැටගැසුණු නහර පවා ලිහිල් වී ඉදිමුම හා වේදනාව නැතිවන්නේ වේදනාවට හේතුව ද නැති කරමිනි. වෙනස් වූ රසායනික සංයුතීන් RH” FACTOR , ESR , FBC‍ නැවත යථාතත්ත්වයට පත්වනුයේ මුළු ශරීරය ම නිරෝගී කරමින්ය. වයස් භේදයක් නැහැ. ඇද ගැසුණු පාද පවා යථාතත්ත්වයට පත්වී වේදනාව නැතිවී වයසක උදවිය මේ ප්‍රතිකාර තුළින් බොහෝ සුවයක් ශක්තියක් ලබනවා.

 ● රෝගීන් සඳහා ආලේපන ඔබ ලබා දෙනවා ද ?

 ඔව්. ඇතුළාන්ත සුවය ඇතිකරවන හෝමියෝපති ඖෂධිය ගුණයෙන් සපිරුණු ආතරයිටික් කියෝ  (Artheritic Cure) කියන ආලේපනය මම දෙනවා. එය මගේ පර්යේෂණාත්මක අධීක්ෂණය යටත III  සහතිකය ලත් ආලේපනයක්. රෝගීන්ගේ පූර්ණ සුවයට එය බොහෝ සෙයින් උදව් කරනවා. විශේෂයෙන් ආතරයිටිස් නිසා ඇද ගැසුණු අත් , පාද ඇඟිලි නැවත යථාතත්ත්වයට ගෙන ඒමට උපකාර වෙනවා. ඒවගේ ම එහි අඩංගු ඖෂධීය ක්‍රියාකාරීත්වය තුළින් ඇතුළාන්ත සුවය පටන් ගත් මොහොතේ සිට ම ක්‍රමක්‍රමයෙන් වේදනාව නැතිව යෑම සමග ඔවුන්ගේ පූර්ණ සුවයට ද උපකාරවන සුවිශේෂීවූ ඖෂධීය අනර්ඝ ප්‍රතිකාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

 ● හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයේ තිබෙන සුවිශේෂී ලක්ෂණ මොනවා ද ?

 මෙහිදී රෝගියාට හිමිවන වාසි බොහොමයි. හෝමියෝපති ප්‍රතිකාර රෝගයට නොවන අතර

 රෝගියාව සුවපත් කරවන බැවින් ඔහුගේ ශරීරයේ

 ගෙවුණු, තදවුණු, දිරායන වෙනස් වේගෙන යන සෑම ස්ථානයක්ම යථාතත්ත්වයට පත්කරනුයේ දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැංවීමට හෝමියෝපති ඖෂධිය ශක්තිය ක්‍රියා කරන බැවිනි. එයින් ඔවුන් පැවසූ, නොපැවසූ රෝග ද සුවපත් වන්නේ සෑම ඉන්ද්‍රියක්ම අලුත් වීමක් මේ තුළින් සිදුවන බැවින් ශරීරයේ වේදනාව නැතිවීම,සැහැල්ලු බව, සුවය, සතුට මේතුළින් ගෙන දෙනවා.

 ● රෝග සුවවීම කෙරෙහි ලබාදෙන උපදෙස් මොනවා ද?

 රෝගය පිළිබඳව ලබාදෙන්නාවූ අවබෝධයන් තුළ ඉවසීමෙන් විශ්වාසයෙන් ප්‍රතිකාර කළයුතු වෙනවා. වාතය කෝප කරවන ආහාර නො ගතයුතු වෙනවා. හෝමියෝපති ඖෂධයට නොව, ඔබේ වයස හා රෝගයේ දරුණු තත්ත්වය ඉක්මන් සුවයක් වේදනා නාශකවලින් තොරව ප්‍රතිකාරය සිදුවන බැවින් මෙම ආහාර නොගෙන සිටීම රෝගය සුවවීමට වැදගත් වෙනවා. එය සායනික සමීක්ෂණ මගින් සනාථකර ඇති බව කිව යුතුයි.

 ළඳරුවාගේ සිට මහල්ලා දක්වා ම හා ගර්භණී කාන්තාවන් සඳහා ද හෝමියෝපති ප්‍රතිකාර ලබාගත හැකිවන්නේ කිසිදු බියකින් තොරවයි. භාවිතය පහසු හා අතුරු ආබාධ නොමැති වීම මෙහිදී විශේෂ වේ. වයස්ගත හෝ කුමන වයස් මට්ටමක සිට කොන්දේ වේදනාව හෝ කුමන හෝ වේදනාවකින් ඔබ පීඩාවිඳින්නේ නම් රෝගය සුවවීම මගින් වේදනාව නැති වී සතුට සැනසුම මෙම ප්‍රතිකාර තුළින් අත්විඳිය හැක.

 මෙම හෝමියෝපති ප්‍රතිකාර පිළිබඳ වැඩිදුර විස්තර දුරකථන අංක 0718250716 ඇමැතීමෙන් ලබාගත හැකිය.

කොන්දේ වේදනාවට හෝමියෝපති ප්‍රතිකාර

එච්. කේ. හෝමියෝපති ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
 වෛද්‍ය අනුෂා හේමකුමාර
 එච්. කේ. හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර්
 නො.12, පී. බී. අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.

advertistmentadvertistment
advertistmentadvertistment