කෝටි 330 ක කුඩු ගෙනා 11 ක් අත්අඩංගුවට

161

රුපියල් කෝටි තුන්සීයතිහකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් රැුගෙන ශී‍්‍ර ලංකාව බලා යාත‍්‍රා කරමින් තිබූ ටෝලර් යාත‍්‍රා 2ක් සමග සැකකරුවන් 11දෙනකු මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකදී පෙරේදා (23 දා* අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගය මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා රැුගෙන එමින් තිබූ බව විමර්ශන වලින් හෙළිවී ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා ශී‍්‍ර ලාංකිකයන් වන අතර ඔවුන් දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමට සහ ප‍්‍රවාහනයට සම්බන්ධ වූවන් බව පොලිසිය පවසයි.

මෙම ටෝලර් යාත‍්‍රාවේ හෙරොයින් කිලෝග‍්‍රෑම් 300 කට අධික ප‍්‍රමාණයක් තිබී ඇති අතර සැකකරුවන් සමග යාත‍්‍රාව ඉදිරි දින කීපය තුළදී ශී‍්‍ර ලංකාවට රැුගෙන ඒමට නියමිතය.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment