කෝටි 8 1/2 ක් වංචා කළා – අසාද් සාලිගෙන් පැමිණිල්ලක්

345

පැමිණිලි 12 ට නගී:

වංචා කළ මුදල කෝටි 350 පනී

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව තමන්ට රුපියල් කෝටි අටහමාරක මුදලක් වාචා කළ බව කියමින් බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (17 දා) පැමිණිලි කළේය. 02-පිටුවට

ව්‍යාපාරයක් සඳහා මුදල් ආයෝජනය කරන ලෙස කළ ඉල්ලීමකට අනුව තමන් තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවට අයත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි මූල්‍ය ආයතනයේ අදාළ මුදල් ආයෝජනය කළ බව අසාද් සාලි මහතාගේ පැමිණිල්ලේ සඳහන් වෙයි.

ඊයේ දහවල් අසාද් සාලි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ එම පැමිණිල්ල සිදුකර ඇත. ඒ අනුව තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවට එරෙහිව මේ වන විට පැමිණිලි 12 ක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සිදුකළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිවල රුපියල් කෝටි 350කට ආසන්න වටිනාකමක් ඇති බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment