ගණ දෙවියන් පහදවා – බුධ මාරුව සඵල කරගන්න

799

2022 නොවැම්බර් මස 13 වන ඉරිදා රාත්‍රී 9:19 ට බුද්ධි කාරක බුධ වෘශ්චික රාශියට ප්‍රවිශ්ට වෙයි. මේ වනවිට සිකුරුද සිටින්නේ වෘශ්චිකය තුළ වීම විශේෂත්වයකි. කුජට අයිති රාශියක් තුළ මෙලෙස බුධ හා සිකුරු සම්බන්ධ වීමත් ඉදිරියේදී රවිත් වෘශ්චික රාශි ගතවීමත් ඉතා වටිනා එකතුවකි.

ඉතා දරදඬු නීති, අණපනත් සමාජ ගතවන අතර ඒවා ඉතා සූක්‍ෂම ලෙස සීනි තවරා ජනගත කරනු ඇත. නව ආර්ථික ගිවිසුම් වලට එළැඹෙන කාලයකි. භූමිය සම්බන්ධ, ඉඩම් සම්බන්ධ අණපණත්, නීති රෙගුලාසි වෙනස් වෙයි. නව සංවර්ධන නීති ඉදිරිපත් වන කාලයකි. එක් පිරිසකට තදබල මානසික පීඩාගෙන දෙන, බදු ආදිය ඉහළ යන කාලයකි. රැකී රක්‍ෂා, වෙළෙහෙළදාම් කටයුතු ආශ්‍රිත අනපේක්‍ෂිත හොරකම් සිදුවීමේ ඉඩකඩ පවතී. ලංකාවට නව ආයෝජන අවස්ථා ඇදී එන අතර මෙරට ගහකොළ, සතා සීපාවන්ට වටිනාකමක් ලැබෙන කාලයකි. වෘක්‍ෂලතා රැකගැනීම්, පාරිසරික කළමනාකරණ, වෙරළ සංරක්‍ෂණ ආදිය උදෙසා විදේශ ආධාර ගලාඑන කාලයකි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 10 වන භාවය තුළ සිදුවන ග්‍රහ ගමන නිසා පාලක පක්‍ෂයට වාසි අත්වන ගිවිසුම් නිර්මාණය වේ. ජනතා ආකර්ෂණය ලැබෙන මූල්‍ය තත්ත්වයක්ද නිර්මාණය වෙයි.

අධ්‍යාපනික ක්‍ෂේත්‍රය ව්‍යාපාරික ක්‍ෂේත්‍රයක් බවට පත්වීමේ ඉඩ පවතින කාලයකි. කෙසේ වෙතත් නූල් සූත්‍ර, වංචනික අයගෙන් ප්‍රවේශම් විය යුතු කාලයක් බවද මතක තබාගත යුතුයි. බුධ වෘශ්චික රාශිගත වීම නිසා

මේෂ – විවාහ ජීවිතයේ අර්බුද උදාවිය හැක. ස්වාමියාට/බිරිදට රහසිගත ධන මාර්ග විවර වෙයි.

වෘෂභ – විවාහ බාධා දුරුවෙයි. ජනතා ආකර්ශනය ලැබී ව්‍යාපාරික කටයුතු දියුණු වෙයි.

මිථුන – ලෙඩ රෝග වලින් ප්‍රවේශම් විය යුතු කාලයකි. මිතුරන් සතුරන් බවට පත්වීමේ අවදානමක් තිබේ.

කටක – අධ්‍යාපනික කටයුතු වලට ඉතා ශුභ කාලයකි. ප්‍රේම සබඳතාද ශක්තිමත් කෙරේ.

සිංහ – නිවාස, යාන වාහන වාසස්ථාන ආශ්‍රිත කටයුතු දියුණු කරගැනීමේ අවස්ථා හිමි වේ. අවට පරිසරය අලංකාර කර ගැනේ.

කන්‍යා – සහජ ඥානය ඔප් නැංවේ. ජීවිතය පිළිබඳ සැලසුම් සකස් කෙරෙන කාලයකි. ලිපි ලේඛන කටයුතු වලට යහපත් තත්ත්වයකි.

තුලා – භාෂා දැනුම වර්ධනය වන කාලයකි. තර්ක කිරීමේ හැකියාවක් දියුණු වේ. වැඩිහිටියන් මිත්‍රයන් සමඟ විනෝද ගමන් යෙදේ.

වෘශ්චික – බුද්ධිය වර්ධනය වේ. තම දැනුම, ධනය බලවත් වන කාලයකි.

ධනු – දුරබැහැර ගමන් යෙදේ. නීතිමය ගැටලු උදාවිය හැක. තාක්‍ෂණික කටයුතු වලදී ප්‍රවේශම් වන්න.

මකර – තාක්‍ෂණික, යාන්ත්‍රික කටයුතු වලින් ධනය උපයා ගත හැක. බැංකු මූල්‍ය ක්‍ෂේත්‍ර කටයුතු වලටද ඉතා යහපත්ය.

කුම්භ – රැකියා කටයුතු දියුණු වේ. තනතුරු තානාන්තර ලැබේ. උසස්වීම් ලැබෙන කාලයකි.

මීන – ආධ්‍යාත්මික කටයුතු කෙරෙහි, සිත ඇදී යයි. ධාර්මික කටයුතුවලට සංචාර යෙදේ.

කෙසේ වෙතත් ගණදෙවියන් උදෙසා කහමල්, මුංගුලි, ලඩ්ඩු පූජා කිරීමෙන් බුධ මාරුවේ දෝෂ සමනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ගණ දෙවියන් පහදවා - බුධ මාරුව සඵල කරගන්න

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment