භාව දොළහයි ග්‍රහයෝ නවයයි – (හයවැන්න හඳුනා ගනිමු)

181

මෙම භාවය සතුරන්, රෝග ස්වභාවය, තුවාල කැපුම් කෙටුම් වණ, හොරි කැළල් මෙන්ම නැන්දා, මාමා ගැන ද, ගව මහීෂාදීන් මෙන්ම යුද ක්‍රියා, කුරිරු ක්‍රියා, වැල් ලණු ලී දඬු මුගුරු ආදී අවි ආයුධ අනතුරු හා අසල්වැසියන් පිළිබඳ කරුණු සෙවීමට ද මෙම භාවය වැදගත් වේ. එසේම ඔබට වැළදෙන රෝග පිළිබඳව ද මෙම භාවයෙන් කරුණු සෙවිය හැක. මෙය ත්‍රික (අශ- භාව) අතරින් පළමුවැන්නයි. මෙම භාවයේදී අශුභ ග්‍රහයන් ද ශුභඵල ගෙන දෙන බව සිහිතබා ගත යුතුය.

තම ජන්ම පත්‍රය පිළිබඳ ස්වයං අධ්‍යයනයක් කිරීමට පසුගිය ලිපි මාලාව ඇසුරෙන් යම්කිසි අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි. අද දින ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ කේන්ද්‍රයේ හය වැන්න පිළිබඳ සරලව කරනු ලබන විස්තරයයි.

මෙම භාවය සතුරන්, රෝග ස්වභාවය, තුවාල කැපුම් කෙටුම් වණ, හොරි කැළල් මෙන්ම නැන්දා, මාමා ගැන ද, ගව මහීෂාදීන් මෙන්ම යුද ක්‍රියා, කුරිරු ක්‍රියා, වැල් ලණු ලී දඬු මුගුරු ආදී අවි ආයුධ අනතුරු හා අසල්වැසියන් පිළිබඳ කරුණු සෙවීමට ද මෙම භාවය වැදගත් වේ. එසේම ඔබට වැළදෙන රෝග පිළිබඳව ද මෙම භාවයෙන් කරුණු සෙවිය හැක. මෙය ත්‍රික (අශ- භාව) අතරින් පළමුවැන්නයි. මෙම භාවයේදී අශුභ ග්‍රහයන් ද ශුභඵල ගෙන දෙන බව සිහිතබා ගත යුතුය.

රවි: පූර්ණ බලැතිව රවි මේ භාවයේ තැන්පත් වූ විට සතුරන් දමනය වීම, රජුගෙන් ගෞරව රාජකාරි සඳහා පහසුවෙන් තෝරා ගැනීම, සතුරන් අවම වීම, දරු මුණුපුරු පිරිසක් ඇති වීම, නිරෝගී බව වික්‍රමය හා ශරීර ශක්තිය ඇති වේ. එසේම කාමාශා බලවත් අයෙකි.

රවි දුබල වීම නිසා රාජ භය, සතුරු පීඩා වියවුල් තුවාල උණ රෝග අම්ලපිත්තය, බඩවැලේ තුවාල, බඩේ ඌෂ්ණය හිසට ගැසීම නිසා ඇති වන නිතර හිසරදය, ඇස්වල ආබාධ, කන් ඇසීමේ දෝෂ සොරුන්ගෙන් පීඩා වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ.

සඳු: නියම අයුරින් බලවත් සඳු හය වැන්නේ නම් කලාවෙන් ප්‍රකට වන ජනප්‍රිය කලාකරුවන් බිහි වේ. එසේම සිතූ පැතූ සැප සම්පත් ලැබේ. නැන්දලගේ දේපළට හිමිකරුවා වන අතර නිරෝගී සම්පත ද උරුම වේ.

සඳු දුර්වලව නීචව පිහිටා තිබේ නම් සුදුමැලි ගතිය පාණ්ඩු රෝග, වණ ගෙඩි, පිළිකා සහිත දුර්වල ශරීරයක් හිමි සුරාපානයේ ලොල් වූ දිළිඳු කම්මැලියෙකු උපත ලබයි.

කාමාධික බව නිසා ස්ත්‍රීන්ට වසඟ වේ. වැන්දඹු ස්ත්‍රීන්ට දැඩි ලෙස ප්‍රිය කරන අයකි. පැණි රසයට ප්‍රිය කුඩා කාලයේ පාණ්ඩු රෝගට භාජනය වන, ආහාරයට අප්‍රිය පැණි රසයට පමණක් ප්‍රිය මෙවැන්නා සිව්පා සතුන්ගෙන් පීඩා ලබයි.

කුජ: කුජ හය වැන්නේ වූ විට උපායන් සොයා සතුරන් මර්දනය කරයි. මෙවැන්නාට මෙහෙකරුවන් බයට කීකරුවේ. ආහාරයට ප්‍රිය කරයි. මෙවැන්නාට යහපත් ස්ත්‍රීන්ගේ ඇසුර ලැබේ. පිරිසිදු සිතක් හිමි අතර හොඳ කඩවසම් ශරීරයකට හිමිකම ඇත. ධන ලාභ, භූමි ලාභ උරුම වේ. නිරන්තර ජයග්‍රහණ ලැබේ.

බලය හීන කුජ සය වැන්නේ නම් සියල්ල කනපිට හැරේ. ආයුධ වස විෂ නිසා විපත් හදිසි අනතුරු නිසා රුධිර වහනය, ශල්‍යකර්ම කිරීමට හේතු වන දරුණු රෝග ඇති වේ. කාන්තාවන් හට මාසික ශුද්ධවීමේ දෝෂ ශුද්ධවීමේදී දිගු කාලයක් අධික වේදනා ඇති වීම පැලෝපීය නාලයේ දෝෂ, එහි පිළිසිඳ ගැනීම දෝෂ වකුගඩු රෝග, පිත්තාශයේ ගල් හා ලේ අර්ශස් රෝගය ද මෙවන්නන්ට වැළදේ.

බුධ: සියලු බලයෙන් යුතු බුධ පිහිටා ඇති අයට මාමලා හා ඔවුන්ගේ දියණිවරුන්ගේ අසීමිත ආදරය ලැබේ. ඔහුගේ දියුණුව වෙනුවෙන් සියලු කටයුතු මාමා විසින් ඉටු කර දේ. එසේම මාමාගේ දේපළවල හිමිකාරයා ද වේ. මෙවන් අය කතාවෙන් අන් අය පහදවා ඔවුන්ගේ සිත් දිනාගනී. උගතුන් හා බුද්ධිමතුන්ගේ සිත් දිනාගෙන ඔවුන් හා මිතුරු වීමට මෙවැන්නන් ගජ සමතුන්ය.

දුර්වල බුධ හය වැන්නේ තැන්පත් නම් මාමාගේ දේපළ පිළිබඳ නඩුහබ අවුල් වියවුල් ඇති කරයි. කතාව නිසා සතුරන් ඇති වේ. සතුරන් නිසා විපත් ඇති වේ. නිතර කෝපයට පත් වේ. කපටියි, මෝඩයි නෑ මිතුරන් සමග විරුද්ධ වේ. ශරීරයේ ගෙඩි වණ හටගනී. මවට අපල ඇති කරයි.

ගුරු: හයට ගුරු බලවත් වූ විට ස්ත්‍රී ලාභ වෙළෙඳ ලාභ, වාද විවාද ආදියෙන් ජය අත් වේ. ස්ත්‍රීන් තමාට ප්‍රිය වීම අවනත වීම කාන්තිමත් ශරීරයක් හිමි වේ. පලතුරු, පලා වර්ග, මිදුන කිරි යෝගට් වැනි සෞඛ්‍ය ආහාර ආහාරයට ලැබේ. කටුක, බර ආහාර නොලැබේ.

ගුරු සියලු අයුරින්ම දුර්වල නම් ක්‍ෂ්‍ය රෝගය, මනස අවුල්වීමෙන් උමතු රෝග වැළදීම සිදු වේ. නිරන්තර ධන හානි සිදු වේ. කටුක ආහාර ලබන සතුරු පීඩා ඇති අයෙකි. ඉදිරියට නෙරූ බඩකට උරුමකම් කියන අතර කෑමට ඉතා ගිජුය. ආගමික ශාස්තෲවරුන් ගුරු දෙගුරුන් සමග විරුද්ධ වේ.

සිකුරු: බලවන්නම් නිතර ස්ත්‍රී ආලිංගණ සැපය ලැබේ. එසේම අවශ්‍යතාවට ධනය අවශ්‍ය අයුරෙන් ලැබෙන අතර මනමාලයකු ලෙස ස්ත්‍රීන් තුළ නමක් දිනාගනී. ඔහුට අනතුරු කිරීමට ප්‍රබල සතුරන් නැත. පියා සමග විරුද්ධ වේ.

මෙහි සිකුරු දුර්වලව පිහිටි අවස්ථාවේදී ඔහු ආහාර පානවලින් ප්‍රවේශම් විය යුත්තේ වස විෂ ශරීරගත විය හැකි බැවිනි. මධුමේහය කිලිමාලය වැනි රෝග වැළදී ශරීරය කෘෂවේ. සමාජ රෝග, රහස් රෝග, ප්‍රමේහ රෝග ඇති වේ. පියාට අපල කරන අතර ඇස් රෝග මෙන්ම ධන හානි ද ඇති වේ.

ශනි: ශනි බලවත් වීමෙන් ධන ලාභ භූමි ලාභ මෙහෙකරුවන්ගෙන් ලාභ, රන් රුවන් වස්තු වර්ගයන් හිමිවීම ද සිදු වේ. සතුරන් පරදවන සුඛිත මුදිත අයෙකි. නිලධාරීන්ගෙන් ප්‍රයෝජන ලබන නඩුවලින් දිනන අයෙකි. මෙවැන්නන් ප්‍රසිද්ධ සූදුකරුවන් ද වේ.

ශනි දුර්වල වූ විට සතුරන්ගෙන් පොලු මුගුරු පහර ලබන නෑයගෙන් විපත් පැමිණෙන, මෙහෙකරුවන් විසින් දේපළ සොරකම් කරනු ලබන භූත යක්ෂ ප්‍රේත ගැන සැක සංකා සහිත රෝග ඇති වන අතර මෙවැන්නන් ඇතතේ ගොරෝසු සමකි. මොවුන් කළු ස්ත්‍රී පුරුෂයන්ට ඇලුම් කරයි. ඔවුන්ගේ අනියම් සැප ලැබේ. දරුවන්ට අපලයි. දුර්වල ශනි සයවැන්න කටක මීන වී එහි නම් තිස්වැනි වියේදී දීර්ඝ කාලයක් දුක්විඳ මැරෙන රෝගයක් වැළදේ.

රාහු: හොඳම ස්ථානයකි. සතුරන් නැති වේ. නිරෝගී වේ. නඩුවලින් ජය අත් වේ. ප්‍රසිද්ධ අයෙකි. දරු ඵල අඩු සැපවත් ජීවිතයකට උරුමකම් කියන අයෙකි.

කේතු: නිතර රෝග වැළඳේ. යක්ෂ භූත ප්‍රේත දිෂ්ටි වැටීමෙන් රෝග ඇති වේ. ඇස් රෝගයනට ලක් වේ. ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු බැවින් රෝග සහිත ප්‍රදේශවලට නොයෑමට තරම් ප්‍රවේශම් විය යුතුය.

විශේෂයෙන් කිවයුත්තේ හය මකරය වී එහි ගුරු ද, කන්‍යාව වී සිකුරු ද වෘශ්චිකය වී සඳුද සිටි කල ශරීරය ක්‍ෂය වන ක්‍ෂය රෝගය වැළදේ. හයවැන්නාධිපතියා ලග්නයේ සිටිය දී උපන් අය සතුරන් දමනය කර ජය වික්‍රමය ලබන්නකු වේ. හය මකරය වී කුජ සිටිකල ද මේෂය වී රවි සිටීමෙන් ද සතුරන් දමනය කරන අයෙකු බිහි වේ.

භාව දොළහයි ග්‍රහයෝ නවයයි - (හයවැන්න හඳුනා ගනිමු)

● එස්. ඩී. ජේ. පතිරණගේ
තිසර ජ්‍යොතිෂ සේවය,ලේනබටුව කඹුරුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment