ගිලන් රථයක් හඹා ගොස්  ජීවිතයක් බේරලා

540

මේ ගම වූ කලී කෑගල්ල දිස්ති‍්‍රක්කයට අයත් දුෂ්කර ගමකි’ ගමට එන මාර්ගය අබලන් වූවකි’ කඳුහෙල් අතර පිහිටි ගමේ මිනිසුන් ද රබර් වගාවත්” කුලී වැඩක් කර ජීවිතය සරිකර ගන්නා පිරිසකි’ නමුත් ගමේ හැමෝම අත ජංගම දුරකථනය නම් තිබිණි’ සිග්නල් අඩු වැඩි වුවත් ඇතැම් දුරකථනවල ද හොඳට සිග්නල් ලැබේ’

ගිලන් රථයක් හඹා ගොස්  ජීවිතයක් බේරලා

මේ අතර එකී ගමේ මැදිවියේ අයකු පාළු නිවසක ලෙඩ වී ජීවිතයත් මරණයත් අතර පොරබදන්නට ගත්තේ හදිසි අසනීපයක් වැළදීමෙනි’

 රාති‍්‍රයේ හොඳට ම බීගත් මේ පුද්ගලයා උදෑසන සිට පාළු නිවසේ සිහිසුන්ව සිටින අයුරු ගම්මු දුටුවේ දහවල් කාලයේය’ මොකද කරන්නේ ගමේ තරුණ වැඩිහිටි කිහිපදෙනකු ගතයුතු පියවර කුමක් දැයි සිතා ගත නොහැකිව දස අතේ කල්පනා කරන්නට ගත්තේ පෙර කී මිනිසා තප්පරයෙන් තත්පරය පරලොවට ළංවන අනතුරය’

 ‘‘ ඕක හරියන්නෙ නෑ’ අපි හදිසි ගිලන්රථයකට දැනුම් දෙමු’’ නිවාඩුවට ගමට පැමිණ සිටි යමක් කමක් තේරෙන තරුණයකු සැනින් කි‍්‍රයාත්මක විය’

 ‘‘ගමට එන පාර කියන්න’’ ගිලන්රථය ගම කරා පැමිණියේ සැරින්සැරේ පාර අසමිනි’

 නමුත් පාර වැරදී ගියේ මං සලකුණු හරහැටි කියන්නට ඔහු අසමත් වූ පසුවය’ ගිලන්රථය වට රවුමක් ගසා යළි කෑගල්ල නගරයට පැමිණියේ ඔය අතරය’

 ‘‘මහත්තයා ඔහොම ඉන්න අපි ඔතැනට එන්නම්’’ යතුරුපැදියක නැඟුන ගමේ තරුණයන් දෙදෙනකු ගිලන්රථය සොයාගෙන ගියේ ඒ අනුවය’ කෙසේ හෝ ගිලන්රථය ගමට යළි ගෙන්වාගත් එකී තරුණයා මියැදෙන්නට ඔන්න මෙන්න සිටි පුද්ගලයා ගේ දිවි බේරා දුන්නේ ගිලන්රථ සේවයට පින්සිදු වන්නටය’

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment