ජ්‍යොතිෂය කර්මඵල වාදයේ ප්‍රමුඛතම සංකේතයද?

458

හිරුට හිමි “බක්” මස, ගෙවී සඳුට හිමි වෙසක් මස උදාවෙයි. හිරු ජීවයයි. ශක්තියයි. බලයයි. සියලු ලෝ සතුන්ගේ පියායි. පියා වෙනුවෙන් කළ ගුණ දැක්වූ අප ඉන් අනතුරුව මව හෙවත් සඳුට හිමි වෙසක් මස පිබිදුණු සිතින් යුතුව බුදුනුවන් ලෙස ලොව්තුරු සුවඳ විඳ ගන්නෙමු.

සඳු ජ්‍යොතිෂයට අනුව සියලු ලෝ සතුන්ගේ මවයි. සිතයි, සිතෙහි පිබිදීමයි. ජීවයේ විකාශනයයි.

සාරා සංඛ්‍යය කල්ප ලක්‍ෂයක් පුරා, පාරමී දම් පුරා සිත දියුණු කොට සත්‍යය අවබෝධකරගත් මහා කාරුණිකයාණන්ට ඒ උතුම් බුදු පදවිය ලබාගැනීම සඳහා සඳුගේ අනුග්‍රහය හිමිවූ උතුම් වෙසක් මස ජ්‍යොතිෂයත් බුදුදහමත් අතර ඇති සබැඳියාව මෙවර සාකච්ඡාවට බඳුන් කිරීම සිදුවිය යුත්තක්ම නොවේද?

දෙදහස් පන්සිය වසරකට පෙර පෘථිවි තලය මත මිනිසකු ලෙස ඉපිද, මඩෙහි ඉපදී මඩින් මිදී අහස් කුසට පැන නැගුණු නිමල පියුමක් සේ ලොව්තුරු බුදු පදවි ලබා අපට සත්‍යය පහදා දුන් උන්වහන්සේ, ආත්මයෙන් ආත්මයට, භවයෙන් භවය සැරිසරමින් පිළිතුරු සෙවූයේ එකම ප්‍රශ්නයකටයි. අවසානයේ උන්වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත්හ. සත්‍ය අවබෝධ කර ගත්හ.

කිං තේ ජනේදිපුරිසං?
මිනිසා තනන්නේ කවරෙක්ද?
තණ්හාය ජනේති පුරිසං!
තණ්හාව මිනිසා තනයි.

වෙසක් පුන් පෝදා ඇසතු බෝමුල වැඩහිඳ සඳුගේ සිසිලසින් සිත පුබුදු කොටගත් උන්වහන්සේ පෙර යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවා ගත්හ. මධ්‍යම යාමයේ සඳු අහස් මුදුනින් එබී බලත්ම චුති හා උත්පත්තිය පිළිබඳ නුවණ වූ චුතුප්පාත ඥානය උපදවා ගත්හ. පිබිදුණු දැමුණු ඉඳුරන් ගෙන් යුක්ත වූ පශ්චිම යාමයේදී කෙලෙසුන් නැසීමේ නුවණ හෙවත් ආසවක්ඛ්‍ය ඥානය උපදවා ගත්හ. ත්‍රිවිiාව පහළවූ උන්වහන්සේ චතුරාර්ය සත්‍යය පසක් කොටගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වූහ.

සිය සිත තුළ නැඟි නිරාමිස ප්‍රීතිය භුක්ති විඳිමින් උන්වහන්සේ උදම් ඇනූහ.

අනේක ජාති සංසාරං
සන්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො
දුක්ඛා ජාති පුනප්පුනං

ගහකාරක දිටඨොසි
පුන ගෙහංනකාහසි
සබ්බා තෙ එාසුකා භග්ගා
ගහකූටං විසං ඛිතං
විසං කාරගතං චිත්තං
තණ්හානං ඛයමජ්ඣගා

“භවයෙහි නැවත ඉපදීම දුකය. භවය නැමැති ගෙය තනන තෘෂ්ණාව නමැති වඩුවා මම සොයා ගත්තෙමි.

නුඹ තනන මෙම ගෙය මම විනාශ කළෙමි. පරාල බිඳ දැම්මෙමි. අවිiාව නැමැති කැණිමඩල අරහත් මාර්ග ඥාන නැමැති පොරොවින් පලා විනාශ කළෙමි.

වඩුව, නැවත නුඹට යළි යළිත් ගෙය තැනිය නොහැකිය. තෘෂ්ණාවෙන් වෙන්වූ උතුම් අරහත් මාර්ගයට පැමිණියෙමි.”

මෙම උදාන වාක්‍ය පැවසීමෙන් පසු උන් වහන්සේ මෙනෙහි කළේ පටිච්ච සමුප්පාදයයි.

හේතුවක් නිසා ඵලයක් උපදියි. ඵලය යළි හේතුවක් වෙයි. අප ලබන ඵලය හේතුවක් නිසා ඇති වූවකි. හේතුව නැතොත් ඵලයක් ඇති නොවේ. භවයෙන් භවයට විශ්වය තුළ සැරිසරන අප මේ හේතු ඵල ධර්මය නිසා සසර සරන්නෙමු. ජය පරාජය ලබන්නෙමු. අපේ කර්මය වන්නේද එයමයි. පටිච්ච සමුප්පාදයෙන් බුදුන්වහන්සේ අපට පැහැදිලි කරදුන් සත්‍යය හෙවත් දොළොස් වැදෑරුම් වූ කර්මයම සත්වයාගේ පැවැත්මට හේතුවෙයි. පැවැත්මේ ස්වභාවය තීරණය කරයි.

විශ්වයේ බලයට නතුව ඇති අපගේ මේ කර්ම ශක්තිය බුදුන් වහන්සේ ලොව පහළ වීමටද පෙර එදා භාරතයේ විසූ අභිඥානලාභි ඝෘෂිවරුන් විසින් ජ්‍යොතීර් විiාව තුළින්, භව කුණ්ඩලිය හෙවත් කේන්ද්‍ර සටහන ලෙස දක්වා ඇත්තේ විශ්මය ජනක අයුරිනි. එදා බුද්ධත්වයට පත් උන්වහන්සේ මෙනෙහි කළ පටිච්ච සමුප්පාදය හෙවත් දොළොස් වැදෑරුම් කර්මය කේන්ද්‍ර සටහනේ භාව දොළහ වීමෙන්ම බුදු දහමත්, ජ්‍යෙතිෂයත් අතර ඇති සබඳතාවය අපට මනාව ඔප්පු වෙයි.

උන්වහන්සේ සිත දියුණු කිරීමෙන් කර්මය ප්‍රත්‍යක්‍ෂ කරගත් අතර ඝෘෂිවරුන් ඒ සත්‍ය හිරු සඳු තරු ඇසුරු කොටගත් ලෝකයක විiාවක් වූ ජ්‍යොතිෂය තුළින් අපූරුවට ඉදිරිපත් කළහ.

භාව කුණ්ඩලියේ පළමුවන භාවය ලග්න භාවයයි. මිනිසා මෙලොවට බිහිවන මොහොතේ සිතිජයෙන් මතුවූ ලග්නය කේන්ද්‍රකොට ගෙන ඒ අනුසාරයෙන් ගොඩනඟන කේන්ද්‍රයෙහි පළමුවන භාවයෙන් දොළොස් වැදෑරුම් කර්මයෙන් ජනක කර්මය නිවේදනය කෙරෙයි.

පළමුවන භාවය සහ ජනක කර්මය

යම් කුසල හෝ අකුසල සිතක් පහළවූ විට ඉන් විපාක දෙන දිට්ඨ ධම්මවේදනීය කර්මය හැර ඉතිරි කොටස ප්‍රතිසංධියක් ලබාදීමේදී මුල්වෙයි. මෙයයි ජනක කර්මය.

ජ්‍යොතිෂය අනුව පළමුවන භාවය ජීවයේ පියා හෙවත් රවිට හිමිවෙයි. එයින් උපත ලබන්නාගේ ස්වභාවය, පෞරුෂත්වය, බාහිර පෙනුම, ජීවන ශක්තිය යනාදිය පිළිබිඹු කරන බව ජ්‍යොතිෂ මතයයි. ඒ අනුව බලන කල කළ කීදෑ නිසා හටගත් කුසලය හෝ අකුසලය මත පුද්ගලයාගේ ස්වභාවය තීරණය වන අයුරු කොතරම් අපූරුවට හෙළිදරව් වන්නේද?

දෙවන භාවය සහ ආචින්න කර්මය

යබ්බහුල කර්මය නමින්ද හැඳින්වෙන මේ කර්මය තමන් කළ කී දෑ නැවත මෙනෙහි කිරීමෙන් දියුණු කරගත හැකි කර්ම කොටසක් බව බුද්ධ දේශනාවයි.

අපරිමිත සංඛ්‍යාවක් ඌරන් මැරූ චුන්ද සූකරික වැද්දාට මිය යන අවස්ථාවේ තමන් කළ කුසල් සිහිවීමෙන් යහපත් උපතක් ලැබීම ආචින්න කර්මයකි. දුටුගැමුණු රජු අතින්ද සිදුවුණේ සුළුපටු මිනිස් සංහාරයක් නොවේ. එහෙත් අවසන් මොහොතේ රුවන් වැලි දාගැබ දෙස බලා කළ කුසල් මෙනෙහි කිරීමෙන් එතුමන් දෙව්ලොව උපන් බව ථූප වංශයේ දැක්වෙයි. මෙයද ආචින්න කර්මයකි.

ජ්‍යොතිෂයට අනුව කේන්ද්‍රයේ දෙවන භාවයේ අධිපති ගුරුවෙයි. කෝෂ, වාක්, චිත්ත, කුටුම්බ, නේත්‍ර, විiා, ස්ව, මුක්ති, දක්‍ෂාක්ෂි අනස්‍ය පත්‍රිකා අර්ථ, ස්වධන, ස්වයං, පණපර, ද්විතිය යන නාමයන් ගෙන් දෙවන භාවය හැඳින්වෙයි.

මරණාසන්න මොහොතේ මෙනෙහි කළ කුසල අකුසල කර්ම අනුව ලැබෙන ප්‍රතිඵල දෙවන භාවය තුළින් නිවේදනය කෙරෙයි.

ධනය, දකුණු ඇස, පවුල, ළමා කාලය කථාව, මිත්‍රාදීන්, සිහිකල්පනාව, දේපළ, අදහස් වැනි කරුණු දෙවන භාවයෙන් ඉදිරිපත් කෙරෙන අතර කර්මඵල වාදය අනුව ජීවිතය අවසන් මොහොතින් නව ප්‍රතිසංධියක් ලබන විට මෙලොවට ගෙන ආ දායාදයන් දෙවන භාවයෙන් කියවෙන බව ඉතා පැහැදිලි කරුණකි.

තුන්වන භාවය හෙවත් ආසන්න කර්මය

පළමුවන භාවයෙන් මෙලොවට බිහිවීම ලැබූ ආකාරයද දෙවන භාවයෙන් පෙර ආත්මයෙන් මිදෙන මොහොතේ ඇතිවූ සිතුවිලි පරම්පරාව පිළිබඳවද කියැවෙන අතර තුන්වන භාවය කියවෙන, ආසන්න කර්මයෙන් කියැවෙන්නේ පෙර ආත්ම භාවයේදී එලොවින් චුත වීමට මොහොතකට පෙර මරණාසන්න මොහොතේ ඇති වුණු චිත්ත පරම්පරාවේ ස්වභාවයයි.

මරණය පිළිබඳ සිතිවිලි සිතට එන ඒ මොහොතේ තමන් කළ කුසලා කුසලයන් සිතට නැගෙනයි. යළි ප්‍රතිසංධියක් ලැබීමේදී එම චිත්ත පරම්පරාවේ ස්වභාවය ඵල වශයෙන් ලැබෙන බව බුද්ධ දේශනාවයි.

අපේ වැඩිහිටියන්, මරණාසන්න මොහොතේ සිටින විට බණ දහම් ඇසීමට සලස්වන්නේද කළ කුසල් සිහිපත් කරවන්නේද මේ ආසන්න කර්මයේ ඵල ප්‍රයෝජන ලබාගැනීමේ අදහසින් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ජ්‍යොතිෂය අනුව කේන්ද්‍රයක තෙවන භාවය හිමි වන්නේ කුජ ග්‍රහයාටයි.

සහෝදර, සහජ, වික්‍රම, දු:වික්‍යය, ගල උරය, සේනා, වීර්ය, ධෛර්ය, කර්ණ, සහෝදර, පරාක්‍රම යනාදී නම් වලින් හැඳින්වෙන තුන්වන භාවයෙන්.

ධෛර්ය, වීර්යය, අධ්‍යාපනය, නුවණ ගැඹුරු දැනීම, ගණිතය, විiාව, තිරබර, පරාක්‍රමය ලාභ, ඉපදුණු පසුබිම, මතකය වැනිදේ නිවේදනය කෙරෙයි. ආසන්න කම්මයේ සිතුවිලි පරම්පරාව පිළිබඳ පැහැදිලි චිත්‍රයක් තෙවැනි භාවයෙන් ලබාගත හැකිය.

සිව්වන භාවය හෙවත් ගරුක කර්මය

තමන් කළ කුමන කර්ම ඇතත් දෙවන ආත්ම භාවයේදී ඉඳුරාම පලදෙන කර්මය ගරුක කර්මය ලෙස කර්ම ඵල වාදයෙහි විස්තර වෙයි. ජීවිතයට සුවිශේෂ බලපෑමක් කරන මෙම කර්මය භාව කුණ්ඩලියේ සිව්වන භාවයෙන් නිරූපණය කෙරෙයි.

චන්ද්‍ර සහ බුධ යන ග්‍රහයින් දෙදෙනාට හිමි මෙම භාවය බන්‍ධු, පාතාල, තිබුක, යාග, සුඛ, චතුස්සත්‍ය, අම්බු, මිත්‍ර, සුගන්‍ධ, වස්තු භූෂණ, හගිනි කේන්ද්‍ර, කන්ඨක යනාදි පර්යාය නාම වලින් හැඳින්වෙයි.

අවසන් ආත්මයේ කළ ගරුක කර්මයන් අනුව දෙන ප්‍රතිඵල ලෙස ගැනෙන මෙම භාවයෙන් නිවාස, ඉඩකඩම්, මව, ධන සම්පත්, සතුට, රහස් ජීවිතය, ජනප්‍රියත්වය, මිථ්‍යාව, විශ්වාසය, උරුමය, ප්‍රීතිය, අධ්‍යාපනය, දීප්තිය, ඉපැයීම, ශෝකය යන තොරතුරු නිවේදනය කෙරෙයි.

පස්වන භාවය හෙවත් කටත්තා කර්මය

කුමන ආත්ම භවයෙක හෝ කරන ලද කුසල හෝ අකුසල කර්ම භවයේ සැරිසරන තුරු තමන් පසුපස පැමිණ ඉඩලද විටෙක ඵල ලබාදෙයි. මෙම කර්ම විශේෂය කටත්තා කර්ම ලෙස හැඳින්වෙයි. මෙම කර්මය යමෙකු රහත් බව ලැබෙන තුරු ඵලනොදී තිබුණි නම් රහත් බව ලබද්දී එය අහෝසි වී යයි.

ජ්‍යොතිෂයට අනුව පස්වන භාවය හැඳින්වෙන්නේ පුත්‍ර, බුද්ධි, ප්‍රභාව, ප්‍රාණ, සුත, ජධී, දේව ආත්මජ, ප්‍රතිභා, විiා, තනුජ යනාදි නාමයන් ගෙනි.

මෙම භාවයෙන් දරුවන්, ආදරය, ක්‍රීඩා, කලා හැකියාව, සූදුව, ව්‍යාපාර, දූෂණය නීති විරෝධී ක්‍රියා, මන්ත්‍ර, අධ්‍යාත්මය, බලය, උතුම් බව, මිත්‍රත්වය, කාව්‍යය, දුරාචාරය යනාදී තොරතුරු නිවේදනය කෙරෙයි. මේ අනුව බලන කල පස්වන භාවය අපට ලැබුණු තෑග්ගක් වැනි වෙයි. මන්දයත් කර්මඵල වාදය අනුව කටත්තා කර්මය අහඹුලෙස පල දෙන්නක් බැවිනි.

සයවන භාවය හෙවත් උප පීඩක කර්මය

යමෙකු කිසියම් කර්මයකින් ලබන ලද ප්‍රතිඵලයක් වේනම් උපපීඩක කර්මයට එම ප්‍රතිඵලයට බාධා පැමිණ වීමට හැකියාවක් ඇත. කිසියම් කුසලයක් කොට ඇත්නම් අකුසල උපපීඩක කර්මයකින් එය නැති කොට දැමීමට මෙන්ම අකුසල උප පීඩක කර්මයකින් ලැබෙන ආපදාවක් කුසල උපපීඩක කර්මයකින් මඟ හරවා ලීමටද පුළුවන. රජුට මහ මඟත් දිළින්දාට රජ සැපත් උරුම වන්නේ උප පීඩක කර්මයේ බලයෙනි.

ජ්‍යොතිෂ විදවේදී සයවන භාවය අයත් වන්නේ කුජ ශනි දෙදෙනාටයි. මූණ, රිපු, රෝග, අංග, ශාස්ත්‍ර, අරි, ව්‍යාසන, වොරස්ථල, රින, ග්‍යානි, ආජි, දුෂ්කල්ප, අඝ, භීති, අවශ්‍ය ද්වේශ, වෛරී උපවය යනාදි නාම වලින් හැඳින්වෙන සයවෙනි භාවය ණය තුරුස්, ලෙඩ රෝග, සතුරන් පිළිබඳව තොරතුරු කියැවෙන අශුභ ස්ථානයක් ලෙස ගැනේ.

සතුරන්, මෙහෙකරුවන්, සොරබිය, ලෙඩ රෝග, වෛරය, බාධා අසහන, වංචා, සමාජ රෝග, අයුතු චෝදනා, විෂ, බන්ධනාගාරය, කායික මානසික පීඩා පිළිබඳව නිවේදනය කෙරෙන මෙම භාවයෙන් අනෙක් භාවයන්ගෙන් ලැබෙන ප්‍රතිඵල වෙනස් කිරීමේ බලයක් පවතින බව අමුතුවෙන් කිවයුතු නැත. කර්මඵල වාදයේ උපපීඩක කර්මයේ ශක්තිය ඒ තුළින් මනාව ඔප්පු නොවන්නේද?

සත්සවන භාවය හෙවත් උපස්ථම්භක කර්මය

උපස්ථම්භක යනු ආධාරයයි. ජනක කර්මයෙන් ලබා උපන් දේ දියුණු කර ගැනීමට උපස්ථම්භක කර්මය පෙරටු වෙයි.

ජ්‍යෙතිෂයේදී සිකුරුට හිමි රාශියක් වන සත්වන භාවය විවාහය පිළිබඳ මූලිකව කියවෙයි. සැබැවින්ම ලග්නය හෙවත් පළමුවන භාවයෙන් කියැවෙන ජීවිතය ආධාරය ලබාදෙන උපස්ථම්භක වන ප්‍රධාන කරුණ විවාහය බව අමුතුවෙන් කිව යුතුද?

ජාමිත්‍ර, කාම, කලත්‍ර, සම්පත iුන, පත්ති, භාර්යා භත්‍රී (ස්වාමි) ගමන චිත්තෝහ, දධි, සුප, යාමිෂ, මද, ලෝක, මාර්ග, පති, ස්වර, හර්ත, යනාදි පර්යායනාම වලින් හැඳින්වෙන සත්වන භාවයෙන් විවාහය, සැමියා, බිරිඳ, ජය, ලිංගික ඇසුර, පාරිශුද්ධත්වය, රහස්, ගිවිසුම්, හවුල් කරුවන්, මිලදී ගැනීම, විකිණීම, ජයග්‍රහණය, වෛරය, ශුක්‍ර, ශක්තිය හීනවීම, විදෙස් කීර්තිය, විදෙස් රටවල්, සතුරන් පරාජය, අප්‍රකට ශක්තිය නිවේදනය කෙරෙයි.

අටවන භාවය හෙවත් උපඝාතක කර්මය

ජනක කර්මයෙන් ලබාඇති බලය මුළුමනින්ම විනාශකොට දමා අන්තයට හෙවත් මරණයට යොමු කළ හැකි ප්‍රබල කර්මයකි උපඝාතක කර්මය.

භාව කුණ්ඩලියේ අටවන භාවය හෙවත් මරණය හැඳින්වෙන භාවය උපඝාතක කර්මයේ හැකියාවන් මනාව නිවේදනය කරයි.

විනාශ, ආයු, අෂ්න, රන, මාත්‍යු, ක්‍ෂිර, ගුණ, මෘත, කාවිජ, ගුහ්‍ය, මංගල්‍ය, අධි ප්‍රභව, ආයුෂ්‍ය, ක්ලේෂ, අපවාද, ජීද්‍ර යාව්‍ය, නිධාන යනාදි නාම වලින් හැඳින්වෙන මෙම භාවයෙන් ආයුෂ, මානසික වේදනාව, මරණය, පරාජය, ශෝකය, දණ්ඩනය, දැවෑද්ද, රක්‍ෂණය, මිත්‍රයින්, ජයග්‍රහණ මරණයේ ආකාරය, මිනී මැරීම, අවමාන, උදාසීන බව, රාජ දඬුවම්, අනතුරු, ප්‍රමාදය මෙවැනි කරුණු නිවේදනය කරයි. ජ්‍යොතිෂ විiාවට අනුව කෙරෙන මෙම නිවේදනයන් පිළිබඳව සලකා බලන කල කර්මානුරූපව මිනිසා විනාශය කරා යොමු කිරීමේ බලතල මෙම භාවයට හිමිව ඇති බව පැහැදිලි කරුණකි.

නමවන භාවය හෙවත් දිට්ඨ ධම්මවේදනීය කර්මය

කරන ලද කවර කුසලයක් හෝ අකුසලයක් මෙලොවදීම ඵල ලබාදෙන කර්මය දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි. එය මතු භවයකට නොයයි.

භාව කුණ්ඩලියේ නමවන භාවයෙන් මෙම කර්මය හෙළි කෙරෙයි.

සුභ, ගුරු, තපස්, දයා, ධර්ම, භාග්‍ය, ආචාර්ය, දෛවත, පුර්ණභාග්‍යා, පෛත්‍රික යනාදි නම් වලින් හැඳින්වෙන මෙම භාවයට අධිපති වන්නේ රවි සහ ගුරුයි.

ආගම, හදවත, වාසනාව, සමෘද්ධිය, අලංකාරය, ධෛර්යය, මුදල්, පියා සතු දේපල, ආගමිකස්ථාන, විශ්වාසය, දර්ශනවාදය, දුරදක්නා නුවණ, ගුවන් ගමන්, නීතිය, ලේඛනය, ප්‍රකාශනය, දෙවියන්, භාවනාව, පරිත්‍යාග, ගුරුවරයා, ප්‍රචාරය යනාදී කරුණු ඉන් නිවේදනය කෙරෙයි.

දසවන භාවය හෙවත් අපරාපරිය වේදනීය කර්මය

තමන් කළ කුසලය හෝ අකුසලය සසර සැරිසරන කුමන ආත්මයකදී හෝ ප්‍රතිඵල ලබාදෙන කර්මය මෙයයි.

භාව කුණ්ඩලියේ දසවන භාවයෙන් මෙය ප්‍රකට කෙරේ. කර්ම, ආස්පද, දශම, ආගම් පීත්‍ර ව්‍යාපාර, මෙෂුරන, ග්‍යාන, රාජ්‍ය, මාන, ජය, සත, කීර්ති, ජීවන වf්‍යා්ම ආචාර, ගුණ, ප්‍රවර්ති රාජපාද, අම්බර මධ්‍ය යනාදි නාම වලින් හැඳින්වෙන මෙම භාවයෙන් ගෞරවය, සම්මාන, ප්‍රසිද්ධිය, බලය, විශිෂ්ඨත්වය, රජය, ආනුභාවය, වෘත්තිය, වර්ෂාව, ආශාව, කීර්තිය, ජනප්‍රියත්වය, විනිශ්චය, වෙළඳ කටයුතු, කෘෂිකර්මය, කුසල්, ආත්ම ගෞරවය, වගකීම, රැකියාවේ තිර බව, ජනපති ආත්ම ගෞරවය වැනි දෑ මෙම භාවයෙන් නිවේදනය වෙයි.

එකොළොස්වන භාවය හෙවත් උපපජ්ජ වේදනීය කර්මය

යමෙකු රැස්කළ කර්ම බලය මේ ආත්මයේ නොව ඊළඟ ආත්මයේදී ඵල ලබාදෙන්නේ නම් එය උපපජ්ජ වේදනීය කර්මයයි. එහි ඵල දෙවන ආත්මයෙන් එපිටට නොයයි. කර්ම බලය එකොළොස්වන භාවයේ යෙදී ඇත. ආප්ති, උපන්ත්‍ය, භාව, අය, ආගමන, සිද්ධි, විභව, ප්‍රාප්ති, සරප්, සර්වතෝභද්‍ර, පණඵර, ලබිධි යන නාම වලින් හැඳින්වෙන මෙම භාවයෙන් ප්‍රාර්ථනා, මිත්‍රයින්, බලාපොරොත්තු, ආදායම්, සාර්ථක බව, ලාභ, ආදර සබඳතා, දේව භක්තිය, උපදේශකයා, වාසනාව, අහිමි ධනය, ලලිත කලා නරක ආශා, චිත්‍ර කලාවෙහි හසල බව, ලේඛනය යන තොරතුරු නිවේදනය වෙයි. ඒ අනුව සලකා බලනවිට මීළඟ ආත්ම භාවය පිළිබඳ තොරතුරු කර්මඵල වාදය අනුව අපට ඉදිරිපත් කරන්නේ මෙම භාවයයි.

දොළොස්වන භාවය හෙවත් අහෝසි කර්මය

අහෝසි වී බල හීනවී යන කර්ම බලයකට මේ නම යෙදෙයි. මෙය භාව කුණ්ඩලියේ දොළොස්වන භාවයෙන් ප්‍රකට කෙරෙයි. ශනිට හිමි මෙම භාවයට රිෂ්ඵ, ලෝපස්ථාන, ව්‍යය දු:ඛ, අන්ත්‍ය, දරිද්‍ර්‍ය, විනාශ, ලග්නාන්ත, ඛණ්ඩ, අංග්‍රි, ක්ෂ්‍ය, සුවක, පාප, සයන, බන්ධ යන පර්යාය නාම හිමිවෙයි. මෙම භාවයෙන් මානසික පීඩා, බන්ධයන් ගතවීම, සතුරන්, මෝක්ෂය, මෝක්ෂ මාර්ගය, රැකියාව, දුක, කෝපය, පාධ, චිත්ත පීඩා, සල්ලාලකම, පර්යේෂණ, වැලපීම, වංචාව යනාදී තොරතුරු නිවේදනය කෙරෙයි.

මේ ආකාරයෙන් බලනවිට එදා අප තිලෝගුරු බුදුන් වහන්සේ දුටු පට්ච්ච සමුප්පාදයත් මිනිසාගේ කර්ම බලයත් මුළුමනින්ම භාව කුණ්ඩලිය තුළ ගොනුවී ඇත්තේ කෙතරම් අපූර්ව ආකාරයෙන්ද?

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි”

චේතනාවම කර්මය වේ යැයි බුදුන් වදාළහ. ඒ අනුව උපන් මොහොත අනුව ගොඩනැගුණු කේන්ද්‍රය අපේ සිතිවිලි තුළින්ම උපන්නක් නොවේද? පෙර භවයේ සිතිවිලි අනුව අප එක්රැස් කොටගත් කර්ම බලයත් අද ජීවිතයේ අප විසින් එක්රැස් කොටගන්නා කර්ම බලයත් ඇසුරෙන් ගොඩනැගී ඇති භාව කුණ්ඩලිය සැබවින්ම බුද්ධ දර්ශනයට අනුව අප තුළ කර්මවල අපූරු සහතිකයක් බව අමුතුවෙන් කිව යුතුද?

බද්දේගම – විජය ශ්‍රී ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment