තෙල් පෝළිම්  ගෑස් පොළිම්  පසුපස පෝළිමට එන ලෙඩ රෝග

228

මේ වනවිට රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් දවසේ පැය 24 න් වැඩි කාලයක් යොදවන්නේ තමාගේ එදිනෙදා සාමාන්‍ය කටයුතු සිදුකිරීමට නොව එම සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික පහසුකම් ලබාගැනීම සඳහාය.

 දවසේ ආහාර පිස ගැනීමට අවශ්‍ය සහල් ටික මිලදී ගැනීමට පෝළිම්වල කාලය ගතකරති. ඉවුම් පිහුම් කරගැනීමට අවශ්‍ය ගෑස් මිලදී ගැනීමට පෝළිම්වල සිටිති. රාජකාරි කටයුතු කර ගැනීමට අවශ්‍ය වාහන ධාවනයට යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකිරීමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට පෝළිම්වල සිටිති. මෙසේ දිගු වේලාවක් දින ගණනාවක් පෝළිම්වල සිටිමින් පීඩාවට පත්වන ජනතාවගේ මනස දැඩි වෙහෙසකට පත්ව ඇත. ඒ අතර ආහාර පාන මිල ගණන් ඉහළ යෑම, බස් ගාස්තු ඉහළ යෑම ආදිය නිසා සාමාන්‍ය ජීවන රටාව පවත්වාගෙන යෑමට දැඩි වෙහෙසක් ගතයුතුව තිබේ. එනිසා ජනතාවගේ සිරුරද අසාමාන්‍ය ලෙස වෙහෙසට පත්ව ඇත. මෙලෙස සිරුර දැඩි වෙහෙසට පත්වීම නිසා ඉතා පහසුවෙන් රෝගාබාධාවලට ගොදුරුවීමට පටන්ගෙන තිබේ.

 මහා සෘෂි නාඩි වෛiවරුන් පවසා ඇත්තේ නිරෝගී දිවියක් ගත කිරීමට දිනකට පැය 08 කවත් නින්දක් අවශ්‍ය බවය. මේ වනවිට එය වෙනස් වී ඇත. එනිසා අධිරුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා රෝග, වකුගඩු රෝග, හෘදයාබාධ ආදියට ගොදුරුවීමද වේගයෙන් සිදුවේ.

 පවතින වෙහෙසකර බව නිසා ඉක්මනින් කෝපවීම් ඇතිවේ. ඇතැම් විට එය පාලනය කර ගැනීමටද නොහැකි තරමට දරුණු වේ. එබැවින් අප සෑම කෙනෙක්ම මේ කාලය ඉතා අවධානයෙන් ගතකළ යුතුය.

 පපුව දෙසින් වේදනාවක් හටගනීනම්, අතක පයක හිරියක් ඇතිවේනම්, වෙනදා නැති අයුරින් හිසරදයක් මතුවේනම්, ඇඟ අප්‍රාණිකවේනම්, ආහාර අරුචියක් හටගැනීනම්, සිරුර වේගයෙන් කෙට්ටුවේ නම් වහාම ඒ ගැන අවධානය යොමුකර නිසි වෛi පරීක්‍ෂාවකට යොමුවිය යුතුය.

 බොහෝ දෙනා අවේගශීලීව කටයුතු කරන්නේ විවිධ පුද්ගලයන් කෙරෙහි ඇති කෝපය නිසාය. නමුත් එය නිතර නිතර පැවතියහොත් ඉන් විපතට පත්වන්නේ තම නිරෝගී සෞඛ්‍ය බව වටහාගත යුතුය.

 බොහෝ දෙනාට මේ දිනවල ආහාර මාර්ගයේ දෝෂ, මලබද්දය වැනි රෝග හට ගැනීමක් දැකිය හැකිය. මේ සඳහා ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ තම ජීවන රටාව වෙනස්වී තිබීමය. නිසි ලෙස ආහාර ගැනීමට වේලාවක් නොමැති කම මලපහ කිරීමට නිසි පහසුකම් නොමැතිකම නිසා ඒවා අසාමාන්‍ය අයුරින් පාලනය කරගැනීමට ක්‍රියාකිරීම නිසා මෙම රෝග මතුවී ඇති බව හඳුනාගෙන ඇත.

 මෙය දිගින් දිගටම පැවතීමට ඉඩ තැබීම සිදුනොකර ඒවා වහා සුවපත් කරගත යුතුය. එහිදී නිසිලෙස ජලය පානය, හැකිතාක් මුංඇට, කවුපි, කඩල වැනි ධාන්‍ය වර්ගයක් ඉතා කුඩා ප්‍රමාණයෙන් හෝ ආහාරයට ගැනීම කළ යුතුය. මෙම ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම නිසා ආහාර ජීර්ණ පද්ධතිය වේගවත්ව ක්‍රියා නොකර සෙමින් ආහාර දිරවීමට කටයුතු සිදුකරයි. එනිසා නිතර ආමාෂය හිස්ව පවතින්නේ නැත.

 හැකිතාක් තම ආහාරයට කොළ පැහැති එළවළු සහ පලාවර්ග එක්කර ගැනීම මගින් රුධිර පීඩනය, රුධිරගත සීනි මට්ටම ඉහළ යා නොදී පාලනය කරගත හැකිය. එසේම පිළිකා වැනි රෝගද මතුවීම මෙම ආහාර නිසා යටපත් කළ හැකිය.

 සීනි අඩංගු බීම වර්ග වෙනුවට, තැඹිලි, බෙලි මල්, වෙනිවැල්ගැට, කොත්තමල්ලි වර්ග පානය ඉතා ගුණදායකය.

 කෝමාරිකා, සලාදයක් නිතර ආහාරයට ගැනීම මගින් ආහාර මාර්ගයේ තුවාලවීම් ඇතිවීම නැති කරයි.

 මඤ්ඤොක්කා දළු, කතුරුමුරුංගා කොළ, මුරුංගා දළු, මැල්ලුමක් ආහාරයට ගැනීමෙන් පිළිකා රෝග මතුවීම පාලනය කරගත හැකිය.

 සෑම මොහොතකම තමාගේ ආගම දහම ගැන සිතමින් ඉවසීමෙන් කටයුතු කිරීමටත් හැකි සෑම මොහොතකම සිත සතුටුවන ආකාරයේ කටයුතුවල යෙදීමත් මගින් මනස සන්සුන් කරගත හැකිය.

තෙල් පෝළිම්  ගෑස් පොළිම්  පසුපස පෝළිමට එන ලෙඩ රෝග

 ඍෂිනාඩ් වෛද්‍ය පිළිබඳ මහාචාර්ය පිළිකා සන්ධි රෝග, සෙම් රෝග පිළිබඳ විශේෂ
 වෛද්‍ය  ජනසිරි ලියන්වෙල

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment