දයාසිරිගේ පක්ෂයත් සන්ධානයකට

70

හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් මානුෂීය ජනතා සන්ධානය මෙරට දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන කීපයක් සමඟ එක්ව ජනගතවීම සනිටුහන් කරමින් ගිවිසුමකට අත්සන් කිරීම කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ පිහිටි ලක්‍ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී ඊයේ (20 දා) සවස සිදු විය.

දයාසිරි ජයසේකර මහතාගේ ඇරැයුමෙන් එම අවස්ථාවට එක්වූ සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල හා ශ්‍රී ලංකා ජාතික ජනතා පක්ෂයේ නායක එන්. විෂ්ණුකාන්තන් යන මහත්වරු ද එක් වූහ.

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment