බද්දට, විදුලි බිලට හා ණය පොලියට එරෙහිව අද සිට ‘කළු විරෝධතා’ සතියක්

143

රජය පැනවූ අසාධාරණ බදු ප්‍රතිපත්තියට, මහජන උපයෝගිතා පනත උල්ලංඝනය කරමින් විදුලි බිල වැඩි කිරීමට සහ බැංකු ණය පොලී ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට රජයට විරෝධය පළ කරමින් අද (22 දා) සිට ‘කළු විරෝධතා’ සතියක් ආරම්භ කිරීමට, වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

ලබන 28 වැනිදාට පෙර මේ සම්බන්ධයෙන් රජයෙන් විසඳුමක් නොලැබුණහොත් මාර්තු මස 01 වැනිදා සිට නැවත දැනුම් දීමකින් තොරව අඛණ්ඩ මහා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ද මෙම වෘත්තීය සමිති එකමුතුව ඒකමතිකව තීරණය කර තිබේ.

තෙල්, වරාය, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, ජල සම්පාදන, විදුලි, අධ්‍යාපන, බැංකු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමිති සම්මේලනය ඇතුළු කම්කරු පංතියේ සිට සියලු වෘත්තීන්හි නියැලෙන වෘත්තීයවේදීන් එක්ව මෙම ‘කළු විරෝධතා සතිය’ සහ අඛණ්ඩ මහ වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ‘කළු විරෝධතා සතිය’ සහ අඛණ්ඩ වැඩ වර්ජනය පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයෝ ‘දිවයින’ට ඊයේ (21 දා) මෙසේ පැවසූහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා, අද පැවැත්වෙන ජාතික විරෝධතාවට අපි සංගමයක් ලෙස පූර්ණ සහාය ලබාදෙනවා. මාර්තු මස 01 වැනිදාට පෙර අපි රජයෙන් හොඳ පිළිතුරක් අපේක්ෂා කරනවා. අපි මේ පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. ඒ අනුව ඉදිරි පියවර සාකච්ඡා කරනවා.

සුජීව තත්සර, චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment