බදු ලිපිගොනු ඇති අයට ගරු කරන ක්‍රමයක්

149

බදු ලිපි ගොනුවක් ඇති පුරවැසියන්ට හිරිහැර කරන ක්‍රමවේදය වෙනුවට ඔවුනට ගරු කරන ක්‍රමවේදයක් ස්ථාපිත කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (18 දා) පැවසීය.

සිරිකොත එජාප මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ බදු ගෙවන්නා ආරක්ෂා කරන අතර බදු පැහැර හරින්නා නීතියට යටත් කරවිය යුතු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම හා ණය ප්‍රතිව්‍යුහගතකරණය බිඳ දැමුවහොත් රට යළි කඩා වැටෙනු ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment