බැංගලෝර් අයිපීඑල් සිහිනය කෙල්ලෝ සැබෑ කරති

129

මෙතෙක් පවත්වා ඇති අයි.පී.එල්. තරගාවලි 16 තුළදී කිසිදු ශූරතාවයක් දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිරිමි කණ්ඩායම අසමත් වූවද බැංගලෝරයේ සිහින සැබෑ කරමින් 2024 කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාන්තා කණ්ඩායම සමත් වූහ.

දිල්ලි හිදී පෙරේදා රාත්‍රී පැවැති එම අවසන් මහා තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා කඩුලු අටක ජයක් වාර්තා කරමින් බැංගලෝර් ක්‍රීඩිකාවෝ එම ශූරතාවයට හිමිකම් කීහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 113 ක් ලබා ගත් අතර බැංගලෝර් කාන්තා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු තුනක් ඉතිරිව තිබියදී කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියහ.

මෙම තරගාවලියේ දෙවැනි අදියර මෙවර පැවැති අතර එහිදී චමරි අතපත්තු ක්‍රීඩා කළ යූපී වොරියර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment