බෝට්ටුවෙන් ඔස්ටේ්‍රලියාවට පනින්න තල්පේ හෝටලයක රැඳී සිටි 43ක් දැලේ

527

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ටේ්‍රලියාව බලා යෑම සඳහා ගාල්ල තල්පේ ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි පුද්ගලයන් 43 දෙනකු ඊයේ (23දා) අලුයම අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

මිරිස්ස නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අය අතර ළමයින් 03 දෙනකුද පිරිමින් 33 දෙනකු හා කාන්තාවන් 07 දෙනකු සිටින අතර මොවුන් සියලු දෙනා යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ වෙති.

මොවුන් යාපනයේ සිට කොළඹට පැමිණ පසුව පෞද්ගලික බස් රථයකින් මරදානේ සිට ගාල්ල බලා පැමිණ ඇත.

මොවුන් නීති විරෝධී ලෙස විදේශගතවීම සඳහා මෙම හෝටලයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකොට ඇත. බසයේ රියැදුරුද පොලිස් භාරයට ගෙන ඇත. හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment