මරළතෝනි දෙද්දී කිඹුලා ඩැහැගත් තිදරු පියාගේ මළසිරුර ගොඩගැනේ

990

මඩකළපුව කරදියනාරු පොලිස් වසමේ ආවට්ටියාවේලි වෙල්යායට ගොවිතැන් කිරීම සඳහා ගිය පුද්ගලයකු වන්නාත්ති ගඟින් ගොඩවීමට යෑමේදී කිඹුලෙකුගේ ග්‍රහණයට ලක්ව අතුරුදන් වී ඇත.

කිඹුලාගේ ග්‍රහනයට ලක්වූ එම පුද්ගලයාගේ මරළතෝනි ශබ්දය ගඟේ එගොඩ සිටි සෙල්ලයියා තුරේරාසා මහතාට ඇසුණත්, ජල පහරේ වේගවත්කම නිසා ඔහු බේරාගැනීමේ උත්සාහය ව්‍යර්ථ වී ඇත.

සිද්ධිය කරදියනාරු පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය දෙදිනක් සෝදිසි මෙහෙයුම් සිදුකළද පලක් නොවුණු නිසා පසුව නාවික හමුදාවේ සහාය ඇතිව සිරුරේ කොටස් අහිමිව තිබූ මළසිරුර සොයා ගන්නා ලදී.

සොයාගත් මළසිරුර තම්පානම්වෙලිහි දරුවන් තිදෙනකුගේ පියෙකු වන 33 හැවිරිදි සදාසිවම් සස්බාබු බව ඔහුගේ මව විසින් හඳුනාගෙන ඇත. හදිසි මරණ පරීක්ෂක එම්. එස්. එම්. නසීර් මහතා විමර්ශන සිදුකර දේහය ඥාතීන්ට භාරදීමට පොලිසියට නියෝග කළේය.

මඩකළපුව – ජව්ෆර් කාන්

advertistmentadvertistment
advertistmentadvertistment