රජයේ වෛද්‍යවරු විශ්‍රාම යන අයුරු

552


රජයේ සේවකයින් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම යටතේ වෛද්‍යවරුන් ද විශ්‍රාම ගැන්වීම සඳහා වූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විශේෂඥ වෛද්‍ය නිලධාරින්, රජයේ වෛද්‍ය නිලධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින් සහ රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ට පමණක් අදාළ වන පරිදිල මෙම නිර්දේශ ක්‍රියාත්මකවේ.

ඒ අනුව දැනටමත් වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් එළැඹෙන දෙසැම්බර් 31 දිනට ප්‍රථම විශ්‍රාම ගැන්වේ.මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පූර්ණ වීමේ දී විශ්‍රාම ගැන්වේ.මේ වන විට වයස අවුරුදු 61 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 62 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වීම සිදුකරයි.
මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වේ. මේ වන විට වයස අවුරුදු 59ක් සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට අනිකුත් රාජ්‍ය නිලධාරින් මෙන්ම විශ්‍රාම ගැන්වීම සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment