රටේ විදේශ ප්‍රතිපත්තිය ජනපති ඉල්ලයි

252


ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පතක් 2023 වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉල්ලා සිටියේය. ආරක්‍ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකාව සඳහා වන දීර්ඝ කාලීන ආරක්‍ෂක ප්‍රතිපත්තියක් මත කටයුතු කරනු ලැබේ. එබැවින් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේදී අනෙකුත් අමාත්‍යාංශ ද ජාතික ප්‍රතිපත්ති රාමුව අනුගමනය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද අරලියගහ මන්දිරයේදී පැවැති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිණි. –

advertistmentadvertistment
advertistmentadvertistment