රුපියල ඊයේ තවත් උඩ යයි – ඩොලරය රු.289ට බසී

564

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් සැලකිය යුතු ලෙස ශක්තිමත් වෙමින් ඊයේ (29දා) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.290 ටත් වඩා පහළ අගයක් දක්වා පිරිහීමට ලක් විය.

මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.89ක් දක්වා රු. 5.73 කින් පිරිහීමට ලක්ව ඇත. ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඉකුත් මැයි 26 දා වාර්තා වූයේ රු.295.62 ක් ලෙසය.

මේ අතර ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල ඉකුත් මැයි 26 දා වාර්තා වූ රු. 308.54 සිට ඊයේ ර.303.26 ක් දක්වා රු. 5.28 කින් පිරිහීමට ලක්ව ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment