රෝහිණී එක්ක බෑ – මානව හිමිකම් කොමසාරිස්වරු තිදෙනෙක් ජනපතිට ලියති

275

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සමග රාජකාරි කළ නොහැකි බව එහි කොමසාරිස්වරුන් තිදෙනකු විසින් ජනාධිපති, අගමැති හා අධිකරණ ඇමැති ඇතුළු ඉහළ නියෝජිතයන් වෙත ලිඛිතව දැනුම්දී ඇත.

කොමසාරිස්වරුන් වන ආචාර්ය විජිත නානායක්කාර, ආචාර්ය නිමල් කරුණාසිරි හා කලුපහන පියරතන හිමියන් යන අයගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර තිබේ.

සභාපතිනිය මානව හිමිකම් කොමිෂන් සභා පනතට පටහැනිව කටයුතු කරන බවත් කොමිසමේ සාමාජිකයන්ගේ අදහස් හා යෝජනාවලට ඇහුම්කන් නොදී පෞද්ගලිකව ඇගේ අභිමතය පරිදි කටයුතු කරන බවත් කොමසාරිස්වරුන්ගේ අත්සනින් යැවූ ලිපියේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාපතිනිය ද සමග සාමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විත අතර ඉන් තිදෙනකු මෙලෙස සිය අත්සනින් යුතුව ලිපිය යොමුකර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment